IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම 26 දා සැලකිල්ලට

( තිළිණි ද සිල්වා )
 
රාවුෆ් හකීම් , රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ  ඉස්ලාම්  බැතිමතුන්  කිහිප දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් වැඩිදුර  සලකා බැලීම ලබන නොවැම්බර් 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.
 
කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවත් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා  ඔවුහු පෙත්සමක් ගොනු කළහ.
 
මෙම පෙත්සම සිසිර ද අබෘ , එස්.තුරෙයිරාජා සහ එල්.ටී.බී .දෙහිදෙණිය යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.
 
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු මේ වන විට වෙනස් වී ඇති බවත් , ඒ අනුව ඊට අදාළ නව නිලධාරීන් නම් කර පෙත්සම් සංශෝධනය කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
 
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් වල වගඋත්තරකරුවන් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධූරයට වෙනත් අය පත්ව සිටින බැවින් ඔවුන්ට පෙත්සම් සම්බන්ධ නොතීසි දන්වා යවන ලෙස ද නියම කෙරිණි.
 
 පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන නොවැම්බර් මස 26 වනදා දක්වා කල්තැබීමට තීන්දු කළේය.
 
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් , සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු අමාත්‍යවරුන් වන රිෂාද් බදියුදීන් මහතා අබ්දුල්ලා මොහොමඞ් මහරුෆ් ,අමීර් අලි, ඒ.එම්. මහරුප්,හුසේන් බහිලා යන මහත්වරුන් , ඇතුළු මුස්ලිම් ජාතිකයින් පිරිසක් මෙහි පෙත්සම්කරුවන් වෙති.
 
සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ,සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ,සහ නීතිපති මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති. කෝවිඞ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටිති .

එහි 61 ඒ දරණ රෙගුලාසියට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු නමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
 
එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පැනවීම තමන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටිති .සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදාන කරන බවද ඔවූහු සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.

ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කල යුතුය. එහෙත් ඊට පටහැනිව යමින් මියගිය අයගේ සිරුරු ආදාහනය කල බවද එය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය කියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
 
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ විරාන් ⁣කොරයා, නීතීඥ ෆයිසා මුස්තාෆා යන මහත්ම මහත්මීහු පෙනී  ⁣සිටියහ.



අදහස් (2)

මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම 26 දා සැලකිල්ලට

විජේ Wednesday, 09 September 2020 09:35 AM

ළඟදිම හම්බ වෙයි දෙන්නට ලැබෙන්න ඕනේ අයිතිවාසිකම්. මගේ ඉස්සරහට නම් හම්බවෙන්න එපා ...

:       76       631

Rohini Wednesday, 09 September 2020 09:43 AM

මේ අය ලංකාවේ හිටියට, හිත තියෙන්නේ අරාබියේ...

:       75       622

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site