(කාංචන කුමාර ආරියදාස)
මෙවර පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මධ්‍යම පළාතේ පෙනී සිටින දරුවන් වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වු පෙරහුරු විභාගයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් පැවතීම නිසා ගුරුවරුන් මෙන්ම විභාගයට පෙනී සිටි දරැවන් දැඩි අපහසුතාවට පත් වුහ.
තවත් දින කිහිපයකින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නිසා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාතේ සියලුම පාසැල් වෙත මෙම පෙරහුරු විභාගය ඊයේ (21) දින පැවැත්විණි.
එහිදී සිසුනට අවශ්‍ය පෙරහුරු ප්‍රශ්න පත්‍රය සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ට එවා තිබිණි. එම ප්‍රශ්න පත්‍ර සමඟ ප්‍රශ්න පත්‍රයේ සංශෝධන සහිත වෙනම ලිපියක් ද විදුහල්පතිවරුන්ට එහිදී එවා තිබීම විශේෂත්වයකි.
ඒ අනුව පළමු ප්‍රශ්න පත්‍රයේ සංශෝධන නමයක් සඳහන් කර තිබෙන අතර දෙවන කොටසෙහි ප්‍රශ්න පත්‍රයේ සංශෝධන 4 එවා තිබේ.
එ මෙන්ම තවත් විශේෂත්වයක් වන්නේ 18වන ප්‍රශ්නය සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අත් අකුරින් ලියා සංශෝධනය කර එවා ඇත්තේ 18 ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට අවශ්‍ය නැති බව දරුවන් දැනුවත් කරන්න. එමෙන්ම ප්‍රශ්න අංක 18 සඳහා සෑම දරුවෙකුටම ලකුණු 1 බැගින් ලබා දෙන්න. යනුවෙන් ගුරුවරුන් දැනුවත් කර තිබීම ය.
මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් මෙවර 5 වසර ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින පාසල් දරුවන් වෙත මෙම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීමට පෙර මෙම සෝදුපත් කියවීම සිදු කළේ ද යන්න බරපතල ප්‍රශ්නයකි.
එමෙන්ම නැවත සංශෝධන සහිත දරුවන්ට පෙරහුරු විභාගයකදී අමතර කාලයක් ගත විය.එම දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය එකයි මිනිත්තු පහළවක් පළමු ප්‍රශ්න පත්‍රයට විනාඩි 45ක කාලයක් ලබාදී තිබේ .ප්‍රශ්න පත්‍රවල සංශෝධන ගුරුවරුන්ට කියා දීම සඳහා කොපමණ කාලයක් වැය කරන්නේ ද යන්න ප්‍රශ්න පත්‍ර වල සඳහන් කර නොතිබිණි.
දිගු ශාලාවල පාසල් දරුවන් විභාගයට පෙනී සිටිද්දී එක් කෙළවරක සිට මෙම සංශෝධන ගුරුවරුන් විසින් දරුවන්ට කියාදීමේදී බොහෝ දරුවන්ට එය නො ඇසීමෙන් දරුවන් දැඩි අපහසුතාවට ලක් වීය.
මෙම වීගයට පෙනී සිටි සිසු සිසුවියන් කියා සිටියේ එකිනෙකාට පරස්පර ප්‍රකාශයන් ය. එනම් ඇතැම් දරුවන් කියා සිටියේ සංශෝධන දහයක් බවය, තවත් දරුවන් කියා සිටියේ සංශෝධන අටක් බවය තවත් දරුවන් කියා සිටියේ සංශෝධන විශාල වශයෙන් පැවැති බවය. කෙසේ වෙතත් ඒ දරුවන්ට ප්‍රශ්නපත්‍ර පිළිබඳව සංශෝධනය පිළිබඳව මනා වැටහීමක් නොමැති නිසාවෙනි.
කෙසේ වෙතත් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාතේ සියළුම 5 වසර සිස්සත්ව සිසුන්ට පවත්වන්නට යෙදුණු මෙම පෙරහුරු පරීක්ෂණය මොනතරම් දුරට දරුවන්ට සාධාරණය ඉටු කළේ ද යන්න වගකිවයුතු බලධාරීන් ගේ අවධානය යොමු විය යුතු බව දෙමව්පියෝ මෙහිදී සඳහන් කළහ.
මේ පිළිබඳව දඹුල්ල ප්‍රදේශයේ පාසල්වල ගුරුවරුන් ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ ද තමන්ට ප්‍රශ්න පත්‍ර සහ සංශෝධන සහිත ලිපි ලේඛන ලැබී තිබුණු බවය. ඒ උපදෙස් පරිදි විභාගය පැවැත්වූ බවයි .
COMMENTS
මිල වැඩි කිරීමෙ, අඩු කිරීම සංශෝධනය වගේ ඒවාට හුරු කිරීම වෙන්න පුළුවන්. මේ වෙනකොට පුද්ගලික පෙරහුරු ගොඩක් කරලා අවසන්. පෙරහුරුවක් කියලා විහිළුවක් කරලා පොඩි ළමයින්ව සතුටින් තිබ්බා නම් බොහොම හොඳයි.
මම හීනයක් නොදකින බව හොඳටම විශ්වාසයි. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ සැලකිය යුතු වැරදි ප්‍රමාණයක් තිබු බව පැවසෙයි. විශේෂයෙන් දරුවන් වෙනුවෙන් පිළියෙළ කළ ප්‍රශ්න පත්‍ර පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවිය යුතුය යන්න සරල අදහසක් නොවෙයි. ගුරු වෘත්තියට පුද්ගලයන් බඳවා ගැනීමේදී ඉවහල් කර ගැනෙන දේශපාලන ක්‍රියාදාමයේ ජුගුප්සාජනක නිරුවත පැහැදිලි වෙන අවස්ථාවකි මේ. ගුරුවරුන් බඳවා ගැනීම ඉතාම ඉහළ තලයක සිදු කල යුතුය. නිසි පුහුණුවක් ලබාදිය යුතුය. එවැනි ගුරුවරුන් අතරින් විශිෂ්ට කාර්ය සාධක වාර්තාවක් ඇති ගුරුවරුන් විසින් මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍ර සකස් විය යුතුය. පසුගිය දින කිහිපකට ඉහත ගුරුවරුන් වැඩ වර්ජනයකට අවතීර්ණ වුයේ නුසුදුස්සන් ඉහළ පරිපාලන තනතුරුවලට ගැනීමට දැරූ උත්සාහය වෙනුවෙනි. මධ්‍යම පළාත් සභාව තුල පමණක් නොව අනෙකුත් පළාත් සභා වල පෙරහුරු ප්‍රශ්න පත්‍රවල අඩුපාඩු තිබු බව දැනගන්න ලැබුණි. ගුරුවරුන් පොතපත කියවන, විශේෂයෙන් සාහිත්‍යය කියවන අය විය යුතුය. මානව ධර්මතා කුරිරු ලෙස බිඳ දමන ගුරවරුන් පිලිබඳ වාර්තා වෙන කාලයක මෙවැනි දුර්වලතා බලාපොරොත්තු විය හැකිය .
සාමාන්‍ය පෙළ විභාගය හරියට සමත් නැති අය අධ්‍යාපන පරිපාලන සේවයට පත්කලාම වෙන දේවල ප්‍රතිපල තමා ඔය.
ඕවා එච්චර දේවල් නෙවෙයි. මේ ඊයේ, පෙරේදා මහාචාර්ය දේශපාලක උන්නැහේ කෙනෙක් කිව්වනේ ලංකාවට කුරුඳු ගෙනාවේ පෘතුගීසිකාරයා කියලා! ඒ මහාචාර්යතුමා දන්නේ නැහැ කුරුඳු කියන්නේ ඉන්දියාව, ලංකාව ඇතුළු පෙරදිග රටවල් කීපයකට ආවේනික ශාකයක් බව. අධ්‍යාපනේ දැන් `යාපනයක්` වෙලා!
හොඳයි
මධ්‍යම පළාතේ සිසු නිපුණතා ඇගයීම් පරීක්ෂණය... 2022 පිළිතුරු
මේ ප්‍රශ්න පත්‍රය බාගත කරන්න එවන්න