(චමිල් රුපසිංහ )
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී විජයරත්න මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා පවසයි.
මේ සම්බන්දව තමන්ට ලිඛිතව දැනුම්දී තිබෙන බවද ඒ මහතා පවසයි
ලොව දිගම ඔසරි පොට අල්ලා ගෙන සිටීමට පාසැල් ළමුන් යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් පී.බී විජයරත්න මහතා වෙත චෝදනා එල්ල කළාය.
මේ සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් තිස්ස කරුණාරත්න මහතා පැවැසුයේ ජනපති ලේකම් කාර්යාලය මගින් සිදුකර තිබෙන මෙම පත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය දැනුවත් කර නොමැති බවත් පරීක්ෂණයේ ඉදිරි පියවර සම්බන්ධව දැන්ම ප්‍රකාශයක් කළ නොහැකි බවත්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්ට මාරුවක්
Lalin Tuesday, 26 September 2017 02:28 PM
නියර මිටි තැනින් වතුර බහිනවා. මහා ඇමති නිදොස් කොට නිදහස්.
සමන් - ඕමානය Tuesday, 26 September 2017 03:06 PM
පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ ඉඳන් පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කලානම්, මම දකින්නේ එක උසස් වීමක් ලෙසයි.
හිරු Tuesday, 26 September 2017 04:09 PM
මරු ආදර්ශය.
PerakumWednesday, 27 September 2017 02:16 AM
හිරු - මේකට කියන්න වචන නැහැ. දේශපාලකයා නිදොස් කොට නිදහස් චූදිත නිලධාරියාට උසස්වීමක්. මරු ආදර්ශය...
Sarasi Tuesday, 26 September 2017 08:37 PM
හරි එතකොට ළමා අපයෝජනය සහ මහජනයාට පාර අවහිර කල මනමාල යුවල නිදොස් කොට නිදහස් එහෙමද ? මේවා තමයි කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු කියන්නේ. ඔයිට නරකද දැන් මේ සාරි පොට මෙච්චර දිගට වියපු කෙනාව දඬුවමට ලක් කළා නම්.
Amila Wednesday, 27 September 2017 12:56 AM
මේක මාර රටක්.
palitha Wednesday, 27 September 2017 02:37 AM
ලේකම් මහතයෝ දැන් ආණ්ඩු කාර තුමියගේ සරි පොටේ එල්ලෙන්න
Ananda Wednesday, 27 September 2017 02:58 AM
මේක නම් මරු රටක් තමයි. දේශපාලකයොයි එයාලට ඕනෑම දේකින් සංග්‍රහ කරන්න සූදානමින් ඉන්න රා, නි. ලයි තමයි මේ රට දිනෙන් දිනම ලෝකයේ සුපිරිම රට බවට පත් කරමින් යන්නේ. (සුපිරි කිව්වේ හොරකම්, වංචා, දූෂණ, අක්‍රමිකතා වැනි දේවල් වලින්)
Sathyapala Wednesday, 27 September 2017 03:24 AM
මේක තවත් මහ ප්‍රෝඩාවක් . මේ ලේකම් මේ ස්ථාන මාරුව කලින් ඉල්ලලා අනුමත වෙලා ඌව පළාතට යන්න හිටියේ. සරිපොටට මේ ලේකම්ගේ කිසිම සම්බන්දයක් නෑ. මේ මගුලට පාසල් ළමයි සම්බන්ද කරන්න කියල ලියුම ගැහුවේ මහා ඇමති. මහා ඇමති ලියුම ගැහුවේ කලාප අධ්‍යක්ෂකට. එහෙම කලාප අධ්‍යක්ෂකට ලියුම ආමන්ත්‍රණය කරත් ලියුම යැවුවේ විදුහල්පතිට. ජනතා විරෝධය එනකොට මාරුවීම කලින් අනුමතව හිටපු ලේකම්ගේ නම ගාවල දඩුවමක් ලෙස ලේකම් මාරුකලා කියල මහජනතාව රැවට්ටවිම තවත් නින්දිත වැඩක්.
Ruwan Wednesday, 27 September 2017 03:24 AM
මේකට තමයි යහපාලනය කියන්නේ.
Nandalal DE SILVA - France Wednesday, 27 September 2017 11:48 AM
මනමාලියෙකුගේ දිගම ඔසරි පොටෙන් ගෙළ වැලලාගෙන සිය දිවි හානි කරගත් ලෝකයේ එකම පළාත් අධ්‍යාපන ලේකම් හැටියට මෙයා "ගිනිස් ලෝක වාර්තා පොතේ" සිය නම ලියා තැබුවා !