මනෝප්‍රිය ගුණසේකර
මුදල් අමාත්‍යවරයා වගඋත්තරකරුවකු කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හා රේගු අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති අභියාචනයක් හෙට(31) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිය.
2004 වර්ෂයේදී රේගු බදු වැඩි කළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකොට වාහන ආනයනය කිරීමේදී වැඩි කළ බදු මුදල් අයකිරීමට එරෙහිව වාසනා ට්‍රේඩින් ලංකා සමාගම ගොනු කළ පෙත්සම පිළිගනිමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් දුන් තීන්දුවට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හා රේගු අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම අභියාචනයේ වගඋත්රකරුවන් ලෙස මුදල් ඇමැතිවරයාට අමතරව නීතිපතිවරයා හා වාසනා ට්‍රේඩිං ලංකා සමාගම නම් කොට ඇත.
ලංකාවට ගෙන්වන වාහන වෙනුවෙන් බදු වැඩි කරමින් 2004 වර්ෂයේ මුදල් ඇමතිවරයාව සිටි ආචාර්ය සරත් අමුණුගම මහතා 2004 ඔක්තෝබර් මාසයේදී ගැසට් නිවේදනයක් නිතුත් කළ බව ප්‍රකාශයට පත්කළ ද එවැනි ගැසට් නිවේදනයක් නිකුත් නොකරමින් වැඩියෙන් බදු මුදල් අය කොට ඇති බව සඳහන් කරමින් වාසනා ට්‍රේඩිං ලංකා සමාගම මුදල් ඇමතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.
එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය වාසනා ට්‍රේඩින් ලංකා සමාගම ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් 2004 ඔක්තෝබර් 20 වැනිදා තෙක් ආනයනය කළ වාහන වෙනුවෙන් වැඩි කළ බදු මුදල් අය කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුක් කෙරිණි. අභියාචනාධිකරණයේ එම තීන්දුව මුදල් අමාත්‍යවරයා විසින් අභියෝගයට ලක් නොකළේය.
2025 දෙසැම්බර් මස 04
671
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
549
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුදල් ලේකම්ගේ සහ රේගු අධ්‍යක්ෂගේ අභියාචනය සඳුදා කැඳවයි