(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
‘අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරීම හේතුවෙන් සියලු තීරණ ගෙන තියෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.
කාර්යය පටිපාටියෙන් බැහැර වූ එම සිදුවීමෙන් පොදුවේ රජයට සිදුවු අලාභයට මහා බැංකුවේ අදාළ අංශවල සියලු නිලධාරීන් වගකිව යුතුයි’ යනුවෙන් මා මාගේ වාර්තාවේ සඳහන් කළා යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය.
රජයේ විගණකාධිපතිවරයාට අධිකරණයේ කාර්යය කිරීමට නොහැකි බවත් විගණකාධිපතිවරයාට කළ හැක්කේ යම් යම් සිද්ධීන් අධ්‍යයනය කර නීතී කඩවීම් සම්බන්ධයෙන් වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම පමණකැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
2015 පෙබරවාරී පළමුවැනිදාත් 2016 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතා විසින් අසන ලද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා මෙසේ ද පැවසීය.
2016 මාර්තු මස 29 වැනිදා බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කළා. එම මාසයේ දී හතර වතාවක් බැඳුම්කර නිකුත් කළා.
ප්‍රශ්නය:- ඒ සම්බන්ධයෙන් පළ කළ පුවත්පත් දැන්වීමේදී ලංසු ඉල්ලු ප්‍රමාණය සඳහන් කළාද?
පිළිතුර:- ලංසු ඉල්ලු ප්‍රමාණය මෙන්ම ලංසු පිළිගත් ප්‍රමාණය ද සඳහන් කළා.
ප්‍රශ්නය:- මෙම බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
පිළිතුර:- මෙම බැඳුම්කර නිකුතුව මෙන්ම එම මාසයේ දී අවස්ථා හතරේදීම වරකට රුපියල් බිලියන 10 බැගින් වන මුදල් සොයා ගැනීම සඳහායි මෙම බැඳුම්කර වෙන්දේසි පවත්වා තිබුණේ.
ප්‍රශ්නය:- මෙහි පළමු බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහා ද?
පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.
ප්‍රශ්නය:- එහි දී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණ ද?
පිළිතුර:- එම පළමු බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත් වූ ලංසු අතරින් රුපියල් බිලියන 10.26ක ලංසු පිළිගෙන තිබුණා.
ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 102ක වැඩිවීමක්.
ප්‍රශ්නය:- මෙහි දෙවැනි බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.
ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත් වූ ලංසු අතරින් රුපියල් බිලියන 21.475ක ලංසු පිළිගෙන තිබුණා.
ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 214.7ක වැඩිවීමක්.
ප්‍රශ්නය:- මෙහි තෙවැනි බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.
ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත්වූ ලංසු අතරින් රුපියල් බිලියන 17ක ලංසු පිළිගෙන තිබුණා.
ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 170 ක වැඩිවීමක්.
ප්‍රශ්නය:- මෙහි සිව්වැනි බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.
ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත්වූ ලංසු අතරින් රුපියල් බිලියන 28.97ක ලංසු පිළිගෙන තිබුණා.
ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණ ද?
පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 289.7 ක වැඩිවීමක්.
ප්‍රශ්නය:- මෙම බැඳුම්කර නිකුතු හතර සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහා ද?
පිළිතුර:- රුපියල් බිලියන 40ක මුදලක් සොයා ගැනීම සඳහායි.
ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත්වූ ලංසු අතරින් රුපියල් බිලියන 77ක ලංසු පිළිගෙන තිබුණා.
ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 190 ක වැඩිවීමක්.
ප්‍රශ්නය:- මාර්තු මාසයේ දී පිළිගත් බැඳුම්කරවල සීයයට 329ක වැඩිවීමක් ඇති බව ඔබ මුලින් කී කාරණය බැලු බැල්මටම වැරැදියි නේද?
පිළිතුර:- මාගේ ගණනයේ දී මිලියන 10 බැගින් වන අවස්ථා හතරෙන් දෙකක් මිලියන 05 බැගින් සටහන් කොට තියෙනවා. ඒ නිසා එම ගණන නිවැරදි විය යුතුයි.
ප්‍රශ්නය:- ඒ අනුව එම ප්‍රතිශතය සීයයට 214ක් ලෙස නිවැරදි විය යුතුයි නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- රුපියල් බිලියන 10ක මුදලක් වෙනුවට රුපියල් බිලියන 05ක මුදලක් යෙදීම විශාල වරදක් නේද?
පිළිතුර:- එය විශාල වරදක් නොවේ.
ප්‍රශ්නය:- ඔබ වරදක් කළ බව පෙන්නු විට ඔබ මුලින් ගත් ස්ථාවරය වෙනස් කරනවා නේද?
පිළිතුර:- නැහැ. මා මාගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. මේ සිද්ධියට අදාළ පරීක්‍ෂණය මා තනිවම කළ එකක් නෙමේ. අපි කණ්ඩායමක කටයුත්තක්.
ප්‍රශ්නය:- කෙසේ නමුත් ඔබ මේ වාර්තාව සම්බන්ධයෙන් වගකීම බාරගන්නවා ද?
පිළිතුර:- ඔව්. මේ වාර්තාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම මා බාරගන්නවා.
ප්‍රශ්නය:- ඔබලා ගණන් කළ ආකාරයට ගණන් ගත් විට වැඩිවීම සීයයට 114ක් විය යුතුයි නේද?
පිළිතුර:- ඔව්. මහා බැංකුවෙන් මා වෙත ලබාදුන් ලෙඛන මා යළිත් වරක් පරීක්‍ෂා කර බලන්නම්.
ප්‍රශ්නය:- ඔබ සාම්පල් තෝරා ගත් ආකාරය පෙන්වීම සඳහා තමයි මේ වගුව ඇතුළත් කළේ කියා මා ඔබට යෝජනා කරනවා.
පිළිතුර:- මා එය යෝජනාව ප්‍රතික්‍ෂෙප කරනවා.
ප්‍රශ්නය:- දත්තවල නිවැරදිතාව පරීක්‍ෂා කිරීම විගණනයේ මූලිකම අංගයක් නේද?
පිළිතුර:- දත්තවල නිවැරදිතාව මෙන්ම ඊටත් වඩා දේවල් පරීක්‍ෂා කළ යුතුයි.
ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මෙම සිද්ධියට අදාළ විගණනය කරන විට රටේ විශාල ආන්දෝලනයක් තිබුණා නේද?
පිළිතුර:- ඔව්. ජනමාධ්‍ය මේ ගැන විශාල වශයෙන් කතා කළා.
ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මේ වගුව පිළියෙළ කරන විට මේ සියලු දේම ඔබගේ මනසේ තිබුණ ද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- සාම්පල් තෝරා ගැනීමේ දී ගත් දත්න වැරදියි නේ ද?
පිළිතුර:- සාම්පල් තෝරා ගැනීමේ දී ගත් දත්ත තුනක වැරදි තියෙනවා. ඉන් මාගේ අවසාන වාර්තාවට කිසිම බලපෑමක් වෙලා නැහැ.
ප්‍රශ්නය:- මින් විශාල බලපෑමක් සිදුවෙලා තියෙනවා. ඉන් ඔබගේ පක්‍ෂග්‍රාහීභාවය පෙනෙන්නට තියෙනවා.
පිළිතුර:- මං පිළිගන්නේ නැහැ.
ප්‍රශ්නය:- 2015 සහ 2016 වසරවල පැවැත්වූ වෙන්දේසිවල විස්තර ඔබගේ වාර්තාවට ඇතුළත් කරලා නැහැ නේද?
පිළිතුර:- 2014 දෙසැම්බර් මාසය දක්වා කරුණු පමණයි මාගේ වාර්තාවට ඇතුළත් කොට තියෙන්නේ.
ප්‍රශ්නය:- මුදල් ඇමතිවරයා ඔබ වෙත එවු ලිපි ඔබගේ වාර්තාවට ඇතුළත් කොට තියෙනවා නේද?
පිළිතුර:- ඔව්. මුදල් ඇමතිවරයා මගේ විෂය පථය සීමා කරමින් මා වෙත එවු ලිපි මාගේ වාර්තාවට ඇතුළත් කළා. මුදල් ඇමතිවරයා මා වෙත එවු ලිපි වලට පිළිතුරු දෙමින් මා ඔහුට ලිපි දෙකක් යැව්වා.
ප්‍රශ්නය:- ඔබ විසින් මුදල් ඇමතිවරයාට යැවු පිළිතුරු ලිපි ඔබගේ වාර්තාවට ඇතුළත් කළේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- ‘මුදල් ඇමතිවරයාගේ නොඉවසිලිමත් හා අචාරශීලීත්වයෙන් තොර සිහි කැඳවීමේ ලිපි’ යනුවෙන් මා මාගේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා.
ප්‍රශ්නය:- මුදල් ඇමතිවරයාට යැවු ලිපි ඔබගේ වෙබ් අඩවියේ පළ කොට තියෙනවා නේද?
පිළිතුර:- ඔව්.
මේ අවස්ථාවේ දී විගණකාධිපතිවරයාගේ වාර්තාව කෙරෙහි විගණකාධිපති ජයසිංහ මහතාගේ අවධානය යොමු කරන ලදී.
1997 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා සෘජු ස්ථානගත ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව මහා බැංකුව මා වෙත වාර්තා කොට නැති බව මා මාගේ වාර්තාවේ සඳහන් කළා.
ප්‍රශ්නය:- මේ තත්ත්වය යටතේ බැඳුම්කර වෙළඳ පොළ සංවර්ධනය වෙලා ද? නැද්ද? යන්න ඔබට කීමට හැකියාවක් තියෙනවා ද?
පිළිතුර:- නැහැ.
ප්‍රශ්නය:- ඔබ මුදල් ඇමතිවරයාට ඔබගේ නිගමන දැනුම් දුන්නා ද?
පිළිතුර:- මුදල් ඇමතිවරයා මා වෙත ප්‍රශ්න 10ක් ඉදිරිපත් කළා. මා එම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. මා විගණනයක් කළේවත්, නිගමනයකට ගියේවත් නැහැ.
ප්‍රශ්නය:- මේ සම්බන්ධයෙන් නිවැරදි නිගමනයකට එළැඹීමට නම් ඒ ගැන විගණනය කළ යුතුයි නේ ද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- 2008 වසරේ දී ‘කැප්ටිව් සොර්ෂස්’ වලට අනුමැතිය දීමේ දී වෙළඳ පොළ පවතින මුදලට වඩා සීයයට 05ක් අඩුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට (ඊ.පී.එෆ්.) දෙන්න කියා ඔබගේ වාර්තාවේ සඳහන් කළා ද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- ඒ කාලයේ දී රුපියල් ටි්‍රලියන 4.43ක බැඳුම්කර නේද වෙළඳ පොළට නිකුත් කර තියෙන්නේ?
පිළිතුර:- ඒ පිළිබඳව මට ස්ථීර වචනයක් කිව නොහැකියි. මහා බැංකුව මට දුන් විස්තර අනුවයි මා මගේ වාර්තාව සකස් කළේ.
ප්‍රශ්නය:- යම් බලකීරීමක් නැත්නම් යමෙකුට වෙළඳ පොළ් ඇති මුදලට වඩා අඩුවෙන් බැඳුම්කර වෙළඳ පොළේ ආයෝජනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- සේවක අර්ථ සාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) තියෙන්නේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල් නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- සේවක අර්ථ සාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) තියෙන මුදල් රජයට අයත් නැද්ද?
පිළිතුර:- නැහැ. රජය සේවක අර්ථ සාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) බාරකරුවායි. රජය සේවක අර්ථ සාධක අරමුදලේ ඇති මුදල් ආරක්‍ෂා කළ යුතුයි. ඒ වාගේම එම මුදල්වලට ප්‍රශස්ථ පොලියක් ලබාදීමට රජය කටයුතු කළ යුතුයි. එමෙන්ම එම මුදල් බැඳුම්කර වෙළෙඳ පොළේ යොදවා ඒ සඳහා උපරීම මිලක් අයකර දීමට කටයුතු කළ යුතුයි.
ප්‍රශ්නය:- ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය ආයතනවල තියෙන්නේ මේ රටේ ජනතාවගේ මුදල් නේද?
පිළිතුර:- ඔව්. ඒත් සේවක අර්ථ සාධක අරමුදල සමඟ සැසදීමේ දී බැංකු කරන්නේ ව්‍යාපාරයක්.
ප්‍රශ්නය:- ඔබගේ වාර්තාවට අනුව වෙළඳ පොළේ මිලට වඩා සීයයට 05ක් කියන්නේ විශාල මුදලක් නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා: මේ කාලය තුළ රුපියල් බිලියන 17.3ක් දීලා තියෙනවා නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා: ඒ මුදල් දීලා තියෙන්නේ කාට ද?
පිළිතුර:- එය පරීක්‍ෂා කර බැලිය යුතුයි.
ප්‍රශ්නය:- රුපියල් බිලියන 75කට අධික මුදලකට වෙළෙඳ පොළ වටිනාකමට වඩා සීයයට 05ක් අඩු පොලියකට සේවක අර්ථ සාධක අරමුදලට බැඳුම්කර නිකුත් කිරීම නිසා 2008 වසර තුළදී පමණක් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් බිලියන 3.872ක මුදලක අවාසියක් සිදුවුණා කියලා කිව්වොත් එය නිවැරදිද?
පිළිතුර:- නැහැ. එය වැරදියි. මා බැලුවේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල්වල සුරක්‍ෂිතතාව යන පදනමේ සිට රජය පැත්තෙන්.
මේ අවස්ථාවේ දී මහා බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ කමිටුවට අදාළ කොන්දේසි සහිත වාර්තාව වෙත සාක්කිකරුගේ අවධානය යොමු කරවනු ලැබීය.
ප්‍රශ්නය:- මෙම වාර්තාවේ සඳහන් වන්නේ අදාළ කමිටුව රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව දැනුම් දුන් පසු කළ යුතු කාර්යය නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- රජයේ මුදල් අවශ්‍යතාව දැනුම් දෙන්නේ අදාළ මාසයේ දී සතියකට පෙර දිනයක දී නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්‍යතාව දැනුම් දෙන්නේ පෙබරවාරී මාසයේ 23 හෝ 24 වැනි දිනවල දී නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- 2015 වසරේ පෙබරවාරී මාසයේ 23 හෝ 24 වැනි දිනවල දී රජයේ මුදල් අවශ්‍යතාව මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්නම් ඒ වන විට අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව රැස්වෙලා තිබුණේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- 2015 පෙබරවාරී 27 වැනිදා පළමු වෙන්දේසිය පැවැත්වෙන විටත්, ටෙන්ඩර් මණ්ඩලය රැස්වෙන විටත්, අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව රැස්වෙලා තිබුණේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- ඒ අනුව අභ්‍යයන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරලා නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- මේ පිළිබඳව ඔබගේ විගණන වාර්තාවේ නිර්දේශවල සඳහන් කළා ද?.
පිළිතුර:- විශේෂයෙන් සඳහන් කළේ නැහැ. පොදුවේ රජයට සිදු වූ අලාභයට නිලධාරීන් වගකිව යුතු බව මා මාගේ වාර්තාවේ සඳහන් කළා.
ප්‍රශ්නය:- අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරීම හේතුවෙන් සියලු තීරණ ගෙන තියෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නේද?.
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- එය කාර්යය පටිපාටියෙන් බැහැර වීමක් නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- ඔබගේ වාර්තාවේ ඒ ගැන කිසිඳු නිර්දේශයක් සඳහන් කරලා නැහැ නේද?
පිළිතුර:- මගේ විගණන වාර්තාවේ අවසානයේ සඳහන් කරලා තියෙනවා මේ සිදුවීම්වලට මහා බැංකුවේ අදාළ අංශවල සියලු නිලධාරීන් වගකිව යුතුයි කියලා.
ප්‍රශ්නය:- එය පොදු සටහනක් නේද?
පිළිතුර:- විගණකාධිපතිට අධිකරණයේ කාර්යය කරන්න බැහැ. විගණකාධිපතිට කළ හැක්කේ යම් යම් සිද්ධීන් අධ්‍යයනය කර නීතී කඩවීම් සම්බන්ධයෙන් වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැක්වීම පමණයි.
වැඩිදුර සාක්කි විමසීම සිදු කෙරේ.
මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක , ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික්‍රමසේකර, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් යන මහත්ම මහත්මීන් සමඟ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා ද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතා ද ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා මහතා ද කොමිසම හමුවේ පෙනී සිටියහ.
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මුදල් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න 10 ක්