IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැද්දවත්ත විශ්ව විද්‍යාලයේ වී ගබඩාවක් ආරම්භ කිරීමට විරෝධය

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


මාතර මැද්දවත්ත විශ්ව විද්‍යාල විද්‍යායතන භූමියේ වී ගබඩාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් එහි සිසුන් ආරම්භ කළ උද්ඝෝෂණ  හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශය තුළ දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇත.
 
සිසුන් එහි ප්‍රධාන ගේට්ටුවේ ඉබි අගුලු දමා ගේට්ටුව වසා ගෙන උද්ඝෝෂණය පවත්වන අතර පොලීසිය එය විවෘත කිරීමට උත්සාහ කිරීම නිසා දෙපාර්ශ්වය අතර ගැටුමක් ද හට ගත්තේය.
 
එහි සිසුන්  පවසනුයේ  පොලීසිය තමන්ට පහරදීමක් සිදු කල බවයි.
 
තත්වය පාලනය කිරීම සදහා එම ස්ථානයට කැරලි මර්ධන ඒකකය හා ජල ප්‍රහාරක රථද කැදවා ඇත.



අදහස් (9)

මැද්දවත්ත විශ්ව විද්‍යාලයේ වී ගබඩාවක් ආරම්භ කිරීමට විරෝධය

prabha Wednesday, 27 February 2019 01:09 PM

වසරෙන් වැඩි කලක් වසා තියෙන එකේ වී ගබඩාවක් දැම්මම මොකද්ද තියෙන වැරැද්ද

:       18       151

dhamneth Wednesday, 27 February 2019 03:25 PM

අපේ අධ්‍යාපන පද්ධතියේ කොතන හෝ ලොකු වැරැද්දක් වෙලා. ඈත ගම්වල නූගත් ගැමියන් පවා දන්නවා වී කියන්නේ සම්පතක් බව. නමුත් මේ උසස් අධ්‍යායාපනය ලබන බුද්ධිමත් කියා උපකල්පනය කරන දරුවන් වී හාල්වල වටිනාකම දන්නේ නැහැ.l

:       8       90

chinthaka Wednesday, 27 February 2019 07:34 PM

කිසිම වැරද්දක් නැහැ, විශ්ව විද්‍යාල වහලා දාල වී ගබඩා කරන්න දුන්නම තව තවත් "ප්‍රබාලා" වගේ බත්කන හරක් වැඩි වැඩිවෙන් රටට බිහිවෙනවා

:       2       0

කමල් Wednesday, 27 February 2019 09:22 PM

වී ගබඩාවක් තනන්න වෙන තැනක් තිබ්බෙම නැත්ද?. අපි කව්ද කැමති අපෙ ගෙදර කාමරයක වෙන කෙනෙක් වී ගබඩාවක් දානකොට. දැන් කෙනෙක් කියයි විශ්වවිද්‍යාලය අපේ ගෙදර වගේද කියලා. මගේ උත්තරය ඔව්.

:       3       16

චමින්ද Thursday, 28 February 2019 02:12 AM

ශ්‍රීලංකාවේ විශ්ව විද්‍යාල අතර මැද්දවත්ත විශ්ව විද්‍යාලය කියල එකක් නැහැ.එය කොයිකාලෙ කවුරු විසින් ආරම්භකල එකක්ද.නොදන්නාකමට ඇහුවෙ.අනෙක ගොවිතැනක් බතක් කරන්න නොදන්නා ඇමරිකන් පිටි කෑම අගයන සමාජයේ වැඩිදෙනෙක් වී කියන්නේ අතීතයේ බුද්ධ බෝගයක්සේ සැලකූ දෙයක් කියලත් වීබිස්ස අතීතයේ සෑම ගෙදරකම තම වත්කම් පෙන්වීමට තිබුනනම් විශ්ව විද්‍යාලයක එවැන්නක් තිබීමේ වරද කුමක්ද.

:       1       0

කමල්Thursday, 28 February 2019 05:14 AM

වී බිස්සත් වී ගබඩාවත් එකක් නෙවි 2ක්.

:       0       0

ශාමිකThursday, 28 February 2019 05:54 AM

ඔබ වැනි බත් කන හරකුන්ට අධ්‍යාපනයේ වටිනාකමක් තේරෙන්නේ නැත. වැස්සකට හෝ විශ්වවිද්‍යාලය අසලකවත් නොසිටි ඔබලා වැනි අය විශ්වවිද්‍යාලයක වටිනාකමක් දන්නේ නැත. මෙය හුදෙක් එක් ආයතනයක් නොවන අතර රටට වැඩදායක මිනිසුන් බිහි කරනා තැනකි. ලංකාව තුළ නිදහස් අධ්‍යාපනයේ උසස්ම තැනක ඇති NVQ පද්ධතිය තුල උපාධියක් වෙත යාමට ඇති එකම ආයතනය බවද එම වී, හාල් ගැන පම්පෝරි ගසන අයට කියා දෙන්නේ... තවත් මෙතරම් ඉඩම් තිබියදී විශ්වවිද්‍යාලයක් වසාදමා වී ගබඩා කිරීමට තරම් ඉඩම් අගහිඟකම් නොමැති බවද මතක් කරමිනි.

:       0       1

මුණසිංහ Thursday, 28 February 2019 02:36 AM

ප්‍රභා සහ දම්නෙත්ට අවබෝධ කරගත යුතු කරුණක් තියෙනවා. රත්‍රන් වටිනවා කියල ඉන් හදපු පිහියකින් ඇන ගන්න සිරිතක් නැහැ. වී ගබඩා ප්‍රශ්නයයට පිළියම මේකද? මත්තල වී ගබඩා කළේ ඇයි? මේවට තමා කුහක කම කියන්නේ. ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕන තවත් ප්‍රශ්න මතු නොවන විදියට. කෘෂිකාර්ම්ක රටක අස්වැන්න ගබඩා කරන්න ක්‍රමයක් නැති රටක් මේක. කෝටි ගණන් වියදම් කරන්නේ මැති ඇමතින්ගේ පුද්ගලික සුඛ විහරනයට. ජනතාව රට ගැන හිතන රජයක් නෙවෙයි මේ. මේවගේ තකතීරු තීරණ ගන්න එවුන් කවදාවත් ඉස්කෝලෙකට ගිය එවුන් වෙන්න බැහැ.

:       0       12

උදය Thursday, 28 February 2019 05:02 AM

ඔතන පුන්නක්කු හරි තණකොළ හරි ගබඩා කලා නම් විරුද්ධ වෙන එකක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site