( එච් චන්දන)
මාදම්පේ - මැදගම ප්‍රදේශය පුරා දක්නට ඇති ආගන්තුක සමනළ විශේෂය ආක්‍රමණශීලී කෘමියකු නොවන බවට විශ්වාස කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාදම්පේ සහකාර අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය පැවසුවාය.
මැදගම ප්‍රදේශයේ ස්ථාන කීපයකදී මෙම සමනළ විශේෂ දක්නට ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.
වැඩියෙන් මල් ඇති ගස්වල මෙම සමනළ විශේෂය දක්නට ලැබේ. රාත්‍රී කාලයේ පියාඹා යන මෙම සමනළයා දිවා කාලයේදී ගස් වල සහ විදුලි රැහැන් වල රැදී සිටිනු ලැබේ.
ආක්‍රමණශීලි කෘමියෙගකු නොවන බවට විශ්වාස කළත් මෙම සත්ත්ව විශේෂය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සදහා පේරාදෙණියේ පිහිටි කීට විද්‍යා අංශයට සාම්පල යොමු කරන බවද සහකාර අධ්‍යක්ෂිකාව පැවසුවාය.
එමෙන්ම මෙම සත්ත්ව විශේෂයෙන් වගාවන් වලට හානි සිදු වන්නේ දැයි අවධානයෙන් සිටින බවද ඇය සදහන් කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමනලයෙකු නොව සලබයෙකි...
සමනලුන් සහ සලබයන් වෙන්ව අඳුනාගැනීමට නොහැකි අයගෙන් මීට වඩා සේවයක් ලබා ගැනීමට හිතීමත් විහිළුවක්.
මේ සලබ විශේෂය අපි මීට අවුරුදු ගාණකට ඉහතදී සිට මාදම්පේ ප්‍රදේශයේ මුනගැසෙන රංචු වශයෙන් එක් කාලයකදී මතුවී නැවත දින 5ක් පමණ කාලයක් තුළ නැතිවීයන දෙයකි. මේ කෘමීන්ගෙන් නම් අද වෙනකල් කිසිම කරදරයක් හානියක් කාටවත් වෙලා නෑ. අපේ වතුවලත් පොල් ගස් වල පවා වහගෙන ඉන්නවා.. අවුරුදු 10කට වැඩි කාලයක ඉඳන් දකිනවා..