IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මැතිව්ස් ඉල්ලා අස්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර තිබේ.

සිම්බාබ්වේ පිල හමුවේ ලැබූ දරුණු පරාජය පසුබිම් කර ගනිමින් ඔහු මෙම තීරණයට එළඹ ඇත.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද පස්වරුවේ සාකච්ඡා කර ඇති අතර මැතිව්ස්ගේ තීරණයට තේරීම් කමිටුව එකඟ වී තිබේ.

ඒ අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව ලබන සිකුරාදා (14) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟයේදී වෙනත් ක්‍රීඩකයකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇත.  දැනට වාර්තා වන පරිදි එම අවස්ථාව රංගන හේරත්ට පැවැරෙනු ඇතැයි කියැවේ. එහෙත් උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගේ නම් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ.

මැතිව්ස් අද (12) පෙරවරුවේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් හමුවීමෙන් පසුව සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.



අදහස් (28)

මැතිව්ස් ඉල්ලා අස්වෙයි

Sunil Tuesday, 11 July 2017 06:25 PM

තමුන් නුසුදුසු කියාලා දැනෙනකොට හරි නායකයෙක් ඉල්ලා අස්වෙනවා. ඒ අතින් අපි මැතිව්ස්ට අපේ ප්‍රණාමය පුදකරනවා. හැමෝම මැතිව්ස් වගේ වෙනවානම් කොච්චර අගේද?

:       11       51

indika Tuesday, 11 July 2017 06:28 PM

හොඳ අදහසක්

:       13       12

tiktik Tuesday, 11 July 2017 06:48 PM

ගොඩක් ස්තුති, දැන්වත් තේරුම් අරගෙන ගීය එක ලොකු දෙයක්, දැන් ඉතින් ඩිල්ෂාන්ට කරා වගේ නැතුව, අලුත් නායකයාට උදව් කරන ඉන්න.

:       61       37

namali Tuesday, 11 July 2017 07:07 PM

1996 පසුව අද තමයී ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සතුටුම දවස

:       164       58

kim Tuesday, 11 July 2017 07:09 PM

හොද තීරණයක්. නායකයෙක් විධියට සාර්ථක අවස්ථා කීපයක් තිබුනා මහේල සංගා ටීම් එකේ ඉද්දි. ඊළඟට නායකත්වයට සුදුසු කෙනෙක් හිතන්න අමාරුයි. තේරීම් කමිටුව කෙටිකාලින තීරණ ගැනීම තමයි මේ හැමටම මුල.

:       0       3

Chanak Los angeles Tuesday, 11 July 2017 07:39 PM

ඔය ක්‍රීඩාව රටෙම්ම තුරන් වෙනවානම් පීඩිත ජනයාට සහනයක්....

:       43       5

dnh Tuesday, 11 July 2017 09:40 PM

උපුල් දිනේෂ් ගෙදර යන්න

:       0       1

Rajesh Khanna Tuesday, 11 July 2017 10:42 PM

දක්ෂ ක්‍රීඩකයකු වුවද රටට අවශ්‍ය ප්‍රමාණයේ නායකයකු වූ බවක් පෙනෙන්නට නොතිබිණි.

:       11       1

ඉන්දි Wednesday, 12 July 2017 12:29 AM

තරගාවලියක් පරාජය වුන නිසා නායකයා ඉල්ලා අස්විය යුතුම නැහැ. ඒ වගේම මැතිව්ස්ගේ නායකත්වයේ ලොකු දුර්වලතාවයක් ප්‍රේක්ෂකයන් වශයෙන් අපට පෙනෙන්නේ නැහැ.

:       1       64

Roshan Wednesday, 12 July 2017 01:10 AM

ලොකු දෙයක් දැන්වත් තේරුම් ගත්ත එක.

:       9       15

buddhika Wednesday, 12 July 2017 01:57 AM

හමුදා පුහුණුව දෙන්න වෙයි ඔහොම යනකොට. කට්ටියගේ ඔලුව ඉදිමිලා

:       1       37

maal Wednesday, 12 July 2017 02:09 AM

යාන්තම් ඇති එයා අස්වුණා. දැන් ඉතින් හොඳ නායකයෙක් හොයාගන්න වෙනවා බින්දුමාල් හැර.

:       43       13

nalin Wednesday, 12 July 2017 02:25 AM

දයාසිරිත් ඉල්ලා අස්වෙලාද? දන්නා කෙනෙක් කියනවද?

:       1       38

rasadari Wednesday, 12 July 2017 02:57 AM

මැතිව්ස් විතරක් නෙවෙයි මුළු ක්‍රිකට් බෝර්ඩ් එකම ඉල්ලා අස්වෙන්න ඕනේ මේ කරපු දේවල් වලට

:       6       33

sameera Wednesday, 12 July 2017 03:05 AM

මට හිතෙන්නේ දයාසිරි ඇමැතිතුමාත් ඉල්ලා අස්වෙසි.

:       1       62

p.d goonawarena Wednesday, 12 July 2017 03:19 AM

දෙපැත්තටම හොඳ තීරණයක්...මෙතෙත් බිහි වූ අසාර්ථකම නායකයා.......

:       63       69

Pradeep Liyanage Wednesday, 12 July 2017 03:26 AM

මැතිව්ස්ගේ හොද තීරණයක්. දැන්වත් කණ්ඩායමේ ඉන්න පරිණතම පුද්ගලයා වන උපුල් තරංගට නායකත්වය දෙන්න.

:       22       15

Upul Wednesday, 12 July 2017 03:44 AM

ඔබේ මෙම තිරණය ඔබටත් රටටත් ක්‍රිකට් ක්‍රීඩාවටත් ඉතාමත් යහපත් තිරණයකි.

:       15       0

sarath Wednesday, 12 July 2017 03:50 AM

ක්‍රිකට් මාෆියාවේ හුඟ දෙනෙකුට අවශ්‍ය වෙලා තිබුදෙයක්. හුඟක් කණගාටුයි මැතිව්ස් ඔබේ සේවය ලංකාවට ඕනේ

:       0       27

saman Wednesday, 12 July 2017 04:26 AM

රට වෙනුවෙන් මේක අපේ රටේ ඉන්න අනිත් නායකයොත් ආදර්ශයට ගත්තනම් තමා හොද.

:       0       27

banda Wednesday, 12 July 2017 04:40 AM

දැන් අපේ ආණ්ඩුවයි ,ක්‍රිකට් කණ්ඩායමයි දෙකම එක වගෙයි

:       2       22

සිරි Wednesday, 12 July 2017 04:46 AM

කාලෙකින් අහන්න ලැබුන හොඳ ක්‍රිකට් ප්‍රවෘතියක්. නායකත්වය දුර්වල වුනහම අනෙක් හැමදේම පරහට හිටිනවා. නායකත්ව ගුණාංග තියෙන දක්ෂතාත් තියෙන කෙනෙක් දැනටනම් කණ්ඩායමේ නැහැ වගේ. එහෙම කෙනෙක් සොයාගන්න හැකිවේවා !!!

:       6       36

sanath Wednesday, 12 July 2017 04:59 AM

කතාවක් තියෙනවා මෙයා ඉවත් වුනේ චාර්ලි ඔස්ටින්ගේ උවමනාවට චන්දිමාල් නායකයා කරලා චන්දිමාල් ඇතුලට ගන්න කියල

:       11       206

raveendra Wednesday, 12 July 2017 05:16 AM

ඉතා හොද තීරණයක් තමාට නායකත්වය දැරීමට අපහසුනම් ඉවත්වීම . අලුත් නායකයෙක් ( නායකත්වයට සුදුසු කෙනෙක් ) යටතේ පරාදය අමතකකර නැවතත් කණ්ඩායම් හැගීමෙන් ඉදිරියට යාමට කටයුතු කරන අතර අපගේ ලංකාමාතාවට නැවතත් කිර්තිය ගෙන ඒමට ඔබ සැමට ඉඩකඩ ලැබේවා. තව එක කරුණක් කීමට සිතමි. ඔබ සියලුදෙනාම ( රටේ ඉන්න දේශපාලුවන් ඇතුළුව ) හැමදෙනෙක්ම අඩුතරමින් කෑමබීම පවා ලබන්නේ අපගේ ජීවිතවල හොදම කාලය සහ අපගේ ලේ දහදිය කදුළු හලා අමාරුවෙන් උපයාගෙන අපගේ ආදරණිය ලංකා මාතාවට එවන මුදලින්බව අමතක නොකරන්න. ඔබ සැමට ජයෙන් ජයම වේවා .

:       0       2

asela Wednesday, 12 July 2017 05:32 AM

ඕවා බොරු කතා චන්දිමාල් කණ්ඩායමේත් නැතුව කොහොමද නායකයා වෙන්නේ?

:       6       0

Kalyana Jayawardena Wednesday, 12 July 2017 05:49 AM

මැතිව්ස්ගෙ පන්දු යවන්නන් යෙදවීමේ සහ පිටිය සකස් කිරීමේ අඩු පාඩු ඇති. ඒත් ඔහු බුද්ධිමත් නායකයෙක්. මාධ්‍ය හමුවලදී ඔහු පිළිතුරු දෙන්නේ ඉතාමත් බුද්ධිමත්ව. ඔහුගේ තැන ගන්නට සුදුසු කෙනෙක් දැනට කණ්ඩායමේ නෑ. තරඟ පැරදුණාට නායකයා අස්විය යුතු නෑ. ඕස්ට්‍රේලියා - බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියක කොදෙව් කණ්ඩායම 5 - 0 ලෙස ඕස්ට්‍රේලියාවට පැරදුණා. ඒත් එවකට නායකත්වය දැරූ ක්ලයිව් ලොයිඩ් නායකත්වයෙන් අස් වුනේ නෑ. කවුරුවත් අස් වෙන්න කීවෙත් නෑ. මොකද ක්ලයිව් ලොයිඩ්ගේ තරම කවුරුත් දන්නා නිසා. ක්‍රීඩකයෝ කැච් අත හරිනවාට හොඳට බැට් නොකරනවට නායකයාට කරන්න දෙයක් නෑ.

:       0       13

kumar (galf) Wednesday, 12 July 2017 09:56 AM

ඔක්කොම පන්දමට තමා තීරණය වෙන්නේ....

:       0       1

lalin Wednesday, 12 July 2017 08:10 PM

මැතිව්ස් ක්‍රීඩකයෙක් හැටියට දක්ෂ උනාට නායකයෙක් හැටියට ගොඩක් දුර්වලයි. නායකයකුගේ තියෙන දුර දක්නා නුවන, අවස්ථාවට ඔබින විදියට ක්‍රීඩකයන් හැසිරවීම ඔහුට අමාරුයි. මාධ්‍ය ඉස්සරහ හොඳට කතා කරන්න පුළුවන් වීම පමණක් නායකත්වයට සුදුසුකමක් නොවෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 132 0

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 285 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 689 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 429 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2283 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 584 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1274 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1535 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site