රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණයේ රාජකාරී කළ ගුරුවරුන්ට මෙතෙක් රාජකාරී දීමනා ගෙවා නැතැයි වාර්තා වේ.
මේ අතර මැතිවරණ රාජකාරියේ නිරත සියලු නිලධාරීන්ට මේ වන විට අදාළ ගෙවීම් සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ මැතිවරණ කොමිසම දැඩි නීතිරිතී යටතේ ගුරුවරුන් රාජකාරියේ යොදවා නමුත් දීමනා ගෙවීමට අදාළ අංශ කටයුතු කර නැති බවයි.
ගුරුවරුන්ට අදාළ රාජකාරී දීමනා ලබාදීමට මැතිවරණ කොමිසම මැදිහත් විය යුතු බවද ජෝසප් ස්ටාලින් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ට නොව ගොඩාක් නිළධාරින්ට හිමිවිය යුතු නිසි මුදල් නිසි ලෙස ගෙවා නෑ. මේ නිසා ඉදිරි මැතිවරණ වලදී රජයේ සේවකයින් ඡන්ද වැඩට ගන්න බැරි වෙයි...