IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මැතිවරණය පැවැත්විය යුත්තේ පැරණි ක්‍රමයටද නව ක්‍රමයටද පක්ෂ අතර මත ගැටුමක්

( ඩයනා උදයංගනී  සහ  නාලක සංජීව දහනායක)


පළාත් සභා මැතිවරණය නව ක‍්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය කොට්ඨාස වෙන්කිරීමේ සීමා නිර්ණය කොමිසම් වාර්තාව මෙම මස 24 වැනිදා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නමුත් මැතිවරණය පැවැත්විය යුත්තේ නව ක‍්‍රමය යටතේද නැතිනම් පැරණි ක‍්‍රමයටම ද යන්න පිළිබඳව දේශපාලන පක්‍ෂ අතර මේ වන විට මත ගැටුමක් ඇතිව තිබේ.


මීට පෙර පසුගිය මාර්තු මස 6 වැනිදා ද මෙම මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය මාසයක් ඇතුළත විවාදයට ගෙන සම්මත කිරීමට නොහැකිවීම හේතුවෙන් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුව තිබේ.


නව කොට්ඨාස හා සමානුපාතික ක‍්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මෙම වාර්තාව සම්මත කර ගැනීම අනිවාර්ය වේ. 

                      
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ අදහස වී ඇත්තේ කුමන ක‍්‍රමයට වී මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන්නයි.


සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එය සම්මත වී නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්විය හැකි නම් එය සුදුසු බවත් එහෙත් එහි ගැටලූ මත මැතිවරණය කල්දමන්නට සිදුවන්නේ නම් පැරණි ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම සුදුසු බවත් එක්සත් ජාතික පක්‍ෂයේ අදහස වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අදහස වන්නේ සීමා නිර්ණ වාර්තාව සම්මත කරගෙන නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්විය යුතුය යන්න බව එහි මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.


ඡන්ද කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධ බව කී අමාත්‍යවරයා පළාත් සභා මැතිවරණය නව කොට්ඨාස හා සමානුපාතික ක‍්‍රමය යටතේ කඩිනමින් පැවැත්විය යුතුය යන්න තම පක්‍ෂයේ මතය බව ද ප‍්‍රකාශ කළේය.


ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු පැවසුවේ ආණ්ඩුව නියෝජනය කරන සියලූ පක්‍ෂ පැරණි ක‍්‍රමයට කැමැත්ත පලකර තිබියදී සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් කර නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුවට අන්ත පරාජයක් අත්වන බවයි.


මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එය අධ්‍යයනය කර ඒකාබද්ධ විපක්‍ෂයේ මතය ප‍්‍රකාශ කරන බව ද ඔහු සඳහන්  කළේය.



අදහස් (2)

මැතිවරණය පැවැත්විය යුත්තේ පැරණි ක්‍රමයටද නව ක්‍රමයටද පක්ෂ අතර මත ගැටුමක්

Raveendra Friday, 17 August 2018 08:08 AM

ඔව්, රටට හෙන හතම වැදුණත් කමක් නැහැ. ඔක්කොම වතුර නටන තුරු මත ගැටුම් ඇතිකර ගනිව්.. හැබැයි වාසියට පඩි වැඩි කරගන්න එකට, නොමිලේ දීමනා ලබා ගැනීම් වලට නම් මීයට පිම්බා වගේ අම්බරුවන් ඔක්කොම හරිම එකමුතුයි නේද..?

:       0       106

රවින් Friday, 17 August 2018 08:23 AM

දැනට පළාත් අයාතනවල සිදුවෙන පොදු ජන දේපල අවභාවිතය අනුවනම් චන්දය නොතියන කාල සිමාව තරමටම නාස්තිය අඩුවේවි. උදාහරණ ලෙස ලක්ෂ 6.5 පුටු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site