නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (1) ජනපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය බාර ගත්තේය.

නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (1) ජනපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය බාර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මහාපරිමාණ බාර් කරුවෙක්. වැල යන පැත්තට මැස්ස ගසා රටටම එතනෝල් පොවනවා.
බාර් දුසිම් ගණනක් හිමි ... තනතුරු පුදයි මත්පැන් පිටුදකින්නට ... කටින් බතල හිටවන හැටි දකින කොට... කුමක් කරන්නේ ලැජ්ජා නැතිකමට...
අපි හිතුවෙත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ජනතාව ගැන හිතන කෙනෙක් කියලයි. බැලින්නම් මෙතුමා කරන්නෙත් ගුරිවරියන්ව දණ ගස්සපු රටට මධ්‍යසාර බෙදන්නෝ කුඩු කාරයන්ට සංවිධායකම දෙන එක. මේ සේරම හිටපු ජනපති කාලෙත් ජයටම ව්‍යාපාර කරපු අයයි. ඒ අයට එදත් ජය අදත් ජය. ඡන්දෙ දීපු අපි පවු ගෙවනවා..
එතනොල් පිළිබඳව ජනාධිපති වෙන්න කලින් පොදු අපෙක්ෂකයා ලෙස කතා කලා... ජනාධිපතිතුමාට මතකද?
මත්වතුර සමාගමේ එක හවුල්කාරියක් තමයි උෟවේ එක් මහා ඇමති කෙනෙක්ගේ බිරිඳක්.... කාගේ නෑයෝද කියලා අහලා බලලා සොයා ගන්න.
පාපයේ ඇලී ගැලී සිටින්නන් රටේ පාලනයට හවුල් වෙන විට මෙලෙස රටටම වැසි කුණාටු නාය යෑම් වැනි ස්වභාවික අපලදායක තත්ත්ව ඇතිවේ.
පෙනෙන විදියට වෙන රැකියාවක් කිරීමට දේශපාලනය කරනවා.
මෙතුමාට දඹුල්ල දෙමු. ඉන්න ඉත්තෝ අදින්නේ නැතිව මොනවා කරන්නද? ජනාදිපති තුමා හරි.
ජනාධිපති මාතලේ කුඹුරු ගොඩ කරලා හොටෙල් විවෘත කරන්න ආව වෙලාවේ වුණු පොරොන්දුවක් ඉටු කලා...
ඡන්දදායකයිනි, දැන් ඔබ තේරුම්ගන්න ඔබේ ඡන්දය කෙතරම් වටිනා සහගතද කියා. වංචනික ව්‍යාපාරිකයන්ට ආණ්ඩුවට සම්බන්ධ වී මඩිය තරකරගන්න හීන් නූලෙන් රිංගන එකට කතිරේ ගහන්නෙත් අපි කියා. සිහිකල්පනාවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න.
අද ලෝක ඇල්කොහොල් දිනයයි. සුභපැතුම්..! අනේ ඡන්දෙ දෙන්න.
රටේ ජනතාවගේ කැමැත්ත බලනවිට නම් ජනාධිපතිතුමා නිවැරදියි. හොරු සහ අපරාධකරුවන්ට මල්මාලා පළඳවන්න උසාවි ළඟ පොරකන ජනනතාව ඉල්ලන්නේම මෙවැනි උපාසක මහතුන්වමය. බැඳුම්කර හොරු සහ ඒකාබද්ධ හොරු ඉදිරියේ මෙතුමාටත් යන එන මං තිබිය යුතුය.
ජයතිස්ස මහතා කියනදේ සිදුවේ නම් පළමුව දඬුවම් ලැබිය යුත්තේ පාපයේ ගැලී පාපය කර තබාගෙන යන ඇතැම් භික්ෂූන්ටයි. මේ උන්නැහේ ජනාධිපති මැතිවරණයට කලින් මෛත්‍රිට ඡන්දෙ ඉල්ලන් ආවොත් පහර දෙන්න කියල කීව්වා මතකද? අපට නම් මතකයි මෙතුමට මතක නැහැ. අවශ්‍ය මොහොත අාවගමන් මෙතුමා හැර යනවා. ඒක විශ්වාසයි අපි බලන් ඉඳිමු. අනේ ලක්ෂ 62 ක බලාපොරොත්තු.
ජනාධිපතිට කම් නැත. ලංකාවේ නැත්නම් කොරියාවේ පදිංචියට යා හැක. ඒත් ජනතාව?
එ්ක තමයි ජවිපෙ හා අනිත් පක්ෂ අතර වෙනස... ඔබ තවත් ප්‍රමාද නැහැ.
රටටම වැස්ස ලැබිලත් පොළොන්නරුවට වැස්ස ලැබෙන්නේ නැත්තේ මේ නිසා. කටිං බතල කොළ හිටුවනවා. ලැජ්ජයි මේ තරම්... කියනකොට එකයි කරනකොට තව එකයි.. මනුස්සයෙක් රටේ එදා මෙදා තුර බිහි වෙලා නැහැ.
හා... එහෙනම් එතනොල් වලට ජයවේවා !!!
සිරිසේන මහත්තයා මේ කරන්නේ වෙනත් පක්ෂයක් දිනවීමට කටයුතු කිරීමයි.. නොතේරෙන්නේ කාටද?
එතනෝල් හාමිනේලාට ගිය රටක් වෙලානේ.
මේ ගොල්ලෝ පත් වෙනකොට අර මිනිස්සු මියෙම්වා, රැකෙම්වා කියා කුඩා බෝට්ටු වලින් වෙන රටවලට යන්න මුහුදට පනින එක අහන්න ඕනෙයැ. ඇයි සුද්දෝ නුඹලා අපට නිදහස දුන්නේ? නුඹලාට හෙන ගහනවා අපිට නිදහස දුන්නාට. උඹලාගේ කාලයේ මෙරට කොපමණ ලස්සනට තිබුණාද?
මෙතැන අදහස් දන පඟරනැට්ටෝ මොනවා කීවත් ඔබයි මාතලේ සිංහයා ...මාතලේ ජනතාව ඔබ සමගයි ....
රටටම එතනෝල් පොවලා මව්රටේ දරු පවුල් අනාථ කරමින් හම්බ කරන මුදලින් එයාගේ ළමයිව එංගලන්තේ ගණන්ම පාසලට යවනවා.
ජයතිස්ස, පව්කාරයින්ගෙන් පිටවන කිරණ මගින් ස්වභාවධර්මයේ සමතුලිත බව විකෘති වෙනවා. එසේම පින්වත් මුනිවරුන්ගෙන් පිටවන කිරණ වලින් ලොවම සුවදායක කරනවා. අපේ රටට අද සොබාදහමින් පවා තර්ජන පිට පිට එල්ලවන්නේ පව්කාරයෝ වැඩි නිසා.
මෙයාව හොදින් නිරීක්ෂනය කරන්න වේවි !!!