IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රී ඉන්න ගමන් මහින්ද අගමැති කිරීම අපේ වෑයමයි

(බදුල්ලේ පාලිත ආරියවංශ)

ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ කාරණය කරන්න  මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ එකම පරමාර්ථය. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා  බදුල්ලේ සිය නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (11) දා පැවසීය. 

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීවේය. 

අපි කවුරුත් උත්සාහ කරන්නේ 2020 ජනාධිපති අපේකෂක යූඑන්පියට විරුද්ධව ඉදිරිපත් කිරීමේ කාර්යයි. එම කාර්යභාරයේ 90%ක්ම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ.

අපි මහින්ද මහත්තයා හමු වුණ වේලාවෙත් මහින්ද මහත්තය කිව්වේ  පොඞ්ඩක් ඉන්න අපි නම් කරන කල් කියලා. අපි ඉන්නේ මහින්ද මහත්තය නම් කරන තෙක් තමයි.

මහින්ද මහත්තයා නම්කරන අපේක්ෂකයා තමයි අපෙත් අපෙක්ෂකයා වෙන්නේ.

අපි  හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයා නම්කරන  අපේක්ෂකයා වටා මෛත්‍රීපාල මහත්තය වටේට ඉන්න පක්ෂයේ අයත් ගොනු කරන්න. ඒකෙන් කීප දෙනෙක් යූඑන්පියට යයි. ඒක වෙනම ප්‍රශ්නයක්. අපිත් ප්‍රාර්ථනා ක රන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් ඊළග ජනාධිපතිවරණයට අපේක්ෂකයා නම්කරන්නයි. 

හැබැයි 2020 ජනාධිපතිවරණය වනතෙක් ඒ සඳහා ඉන්න ඕන නැහැ.

 අපේ 16 දෙනාගේ කණ්ඩායම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ජනාධිපතිධුරයේ ඉන්න ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා  අගමැති කරන්න ඕන කියන මතයේ.

එතකොට ඔය එක එක සාත්තර කාරයන්ගේ කීම අහලා එක එක අගමැති සිහින මවාගෙන ඉන්න හාල් පාරුවන්ටත් දැනෙයි ඇත්තටම අගමැති විය යුත්තේ කව්ද කියලා.

ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ කාරණය කරන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය.



අදහස් (12)

මෛත්‍රී ඉන්න ගමන් මහින්ද අගමැති කිරීම අපේ වෑයමයි

සතයපාල Tuesday, 12 June 2018 04:49 AM

මහා දවල් ඇස් දෙක ඇරගෙන හීන දකිනවා.

:       0       290

Samathasena A . Aluthgama Tuesday, 12 June 2018 05:06 AM

ඔයාලා මොන සෙප්පඩ විජ්ජා දැම්මත්, මොන බහුබූත කතා කිව්වාත් ඔය සියල්ල කිසිම ප්‍රයෝගිකත්වයක් නැහැ. ඔබලාගේ ඡන්ද ප්‍රතිශතය ඉතා පහළයි. ඔබලාට කිසිම මහජන පිළිගැනීමක් නැහැ. තිබිච්ච ටිකත් විශ්වාස බංගයත් සමගම පරලොව වැඩියා. ඔබලා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මොන උප්පරවැට්ටි දැම්මත්, ජී එල් පීරිස් මහත්තයා පසුගියදා කියලා තිබුනේ ඔබතුමාලා ගැන හිතන්නවත් බැහැ කියලයි. එයට හේතුවී තිබුනේ ඔබලාගේ ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයයි. කන්දක් විලිළා මී පැටියෙක් වත් නොවැදු ඔබලාගේ බොරු සෝබන පුරාජේරු ගැන කව්රුන් විශ්වාස කරන්නේද ?

:       0       370

toppi sumane Tuesday, 12 June 2018 05:10 AM

මෙයා සේරටම කලින් ඡන්දෙන් දිනලා පාර්ලිමේන්තුවට අවොත් නේද හොද.?

:       0       104

Shan Tuesday, 12 June 2018 05:57 AM

මෙන්න මේ වගේ අය ගෙදර යවන එක ඊළඟ ඡන්දෙ මුලිකම අරමුණ විය යුතුයි.

:       0       53

Risaanaa Tuesday, 12 June 2018 07:13 AM

සමහර අසාර්ථක විවහා කරගත්තෝ සාර්ථක විවහා ඇතිකර ගැනීම සඳහා උපදෙස් දෙති.......

:       0       14

Mohamed Riswan Saudi Tuesday, 12 June 2018 07:18 AM

රිමෝට් එක තිබ්බේ චන්ද්‍රිකා අතේ..... මේ අය දොඩවන කිසි දෙයක් වෙන්නේ නෑ..... මේ 16 දෙනා අතර ඉන්නේ ඡන්දයෙන් පැරදුන ජාතික ලැයිස්තුවේ ඉන්න කට්ටියක්.......

:       0       16

rocky Tuesday, 12 June 2018 07:50 AM

ළමය ලංකාවේද?

:       0       1

de silva Tuesday, 12 June 2018 08:49 AM

ජනතාවගේ ඡන්දෙන් නම් පාර්ලිමේන්තු එන්න බැරි බව මෙතුමා දන්නවා , ලබන පාර පාර්ලිමේන්තු එන්න නම් පින් මන්ත්‍රී කමක් දෙන නායකයෙක් උවමනාය එමනිසා මොහු හදන්නේ දෙපැත්තම ශේප් කරගෙන ඉඳල කාගෙන් හරි පින් මන්ත්‍රී කමක් අරන් පාර්ලිමේන්තු ඇවිත් අපිව තව ටිකක් හුරාගෙන කන්න ,

:       0       18

asiri Tuesday, 12 June 2018 09:09 AM

මෙයාට ඉතින් හැමදාම අමු කැවිලා

:       0       0

sirimal Tuesday, 12 June 2018 09:10 AM

ඔය ක්‍රමවේදයට අපේ අම්ම නම් කියන්නේ " දිය රෙද්දෙන් බෙල්ල කපනවා " කියලයි.

:       0       0

Saththaya Tuesday, 12 June 2018 09:49 AM

දැන් මේ දුෂිතම කරපු සමාජයේ (සාමාජකයින්) මොවුන්ගේ මොලය කොලොප්පන් වෙලයි තියෙන්නේ . ජය ගන්න මනුස්සකම් , දුෂණය නෙමෙයි. දැන් ඉතින් හොදක් නරකක් තේරෙනවා කියලා හිතන්න බැහැ, මෙච්චර වයසට ගිහින්. ඉපදිච්ච රටට හෙනගහැව්වත් කමක් නැහැ කියලානේ මෙච්චර දවසක් වැඩ කටයුතු කලේ.

:       0       331

Bamunuarachchi Tuesday, 12 June 2018 06:54 PM

පුළුවන් නම් ජාති දෙකෙන් කුඹුරක් හාලා පෙන්වනවකෝ... මේ ගොයියා හදන්නේ දෙන්නගෙන්ම වාසි ලබන්නයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1280 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1229 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 447 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site