IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මත්පැන් බී එකිනෙකාට පහරදී ගත් පිය-පුතු රෝහලේ

(නිශාන්ත කුමාර)

 

අධික ලෙස මත්පැන් පානය කළ පිය පුතු දෙපළක් අතර ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ගඩොල් ගල් මුල් හා අතින් පයින් පහරදීම හා සපා කෑම  හේතුවෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී  මීගහකිවුල රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.


සිද්ධියෙන් රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල අග්ගලාඋල්පත පදිංචි  අවුරුදු 50 ක් සහ 26 වයසැති පිය පුතු දෙපළකි.


එකිනෙකාට යාබද නිවෙස් දෙකක පදිංචිව සිටින මොවුන් දෙදෙනා තම නිවෙස්වල තිබූ ගුවන් විදුලි යන්ත්‍ර දෙකක් මහ හඩින් ක්‍රියාත්මක කරන්නට ගොස් ඇතිවූ හබයක් දුරදිග යාමෙන් මෙම සිද්ධීය ආරම්භ වී ඇත.


පහරදීමෙන් පුතාගේ හිසට හා සිරුරේ ස්ථාන කීපයකටම තුවාල සිදුව ඇති අතර සපා කෑම හා පහරදීම් හේතුවෙන් පියාගේ කන් දෙකට සහ හිසට තුවාල සිදුවී ඇත.


කන්දකැටිය පොලීසිය සිද්ධීය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (1)

මත්පැන් බී එකිනෙකාට පහරදී ගත් පිය-පුතු රෝහලේ

sanath Tuesday, 22 May 2018 06:31 AM

හොඳට වෙරි වෙනකම් බිව්වම ශරීරය පාවෙනවා වගේ දැනුනට සිහියනම් විකල් වෙන්නේ නැහැ. සමහර බීපු මිනිස්සු පිස්සු කෙලින්නේ අමු බොරුවට. ඇඟට දැනෙන සැහැල්ලුව හිතට අරගෙන අනික් මිනිස්සුන්ට පෙනෙන්න වැඩ දාන්න ගිහිල්ල තමයි මේවගේ ගුටිකෙලි ඇතිවෙන්නේ.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site