(සනත් ගමගේ)
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙතෙක් දිනපතා උදේ පැමිණි ප්ලයි ඩුබායි මගී ගුවන් යානයත් අද (8) සිට නතර කිරීමට පියවර ගෙන ඇති බව මත්තල ගුවන්තොටුපළ ප්‍රකාශයෙක් කීය.
මත්තල ගුවන් තොටුපළට එයාර් ලංකා සමාගම ඇතුළු ගුවන් සමාගම් රැසක ගුවන් මගී ගුවන් යානා පැමිණි අතර ප්ලයි ඩුබායි ගුවන් සේවාවට අයත් මගී ගුවන් යානය දිනපතා උදේ මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපළට ඊයේ (7) වන තෙක් පැමිණි බවත්, එක් දිනකට මාසයකට සාපේක්ෂව මත්තල ගුවන් තොටුපළින් ප්ලයි ඩුබායි ගුවන් යානයෙන් මගීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් සිය ගුවන් ගමන් පහසුකම් ලබාගත් බව එම ප්‍රකාශකයා කීය.
විශේෂයෙන් ම යාල, අම්පාර, පොතුවිල්, අක්කරපත්තු, වැනි ප්‍රදේශවලට සංචාරකයින් යෑම සඳහා මෙම ගුවන් සේවයෙන් හුරු වී දිනපතා මෙම පිරිස වැඩි වෙමින් පවතින අවස්ථාවක මෙම ගුවන් යානයත් මත්තල ගුවන් තොටුපළට පැමිණීම නතර කිරීමෙන් මත්තල ගුවන් තොටුපළ පාළු ස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණ බව මත්තල ගුවන් තොටුපලේ සේවකයෝ පවසති.
දේශීය වශයෙන් මාතර ගාල්ල, වැලිගම ප්‍රදේශවල ව්‍යාපාරිකයින් හා ඩුබායිවල සේවය කරන අය පවා මෙම ගුවන් සේවය හුරු වී තිබුණූ බව පවසති.
ඔක්තෝබර් 18 දින දක්වා ගුවන් සේවයේ පැමිණි නතර කර ඇති බව දැනට චාචිකව දැනුම් ද ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව විසින් කරන ලද යටිකුට්ටු වැඩකි ළඟදීම ඉන්දියන් ගුවන් සේවා ගොඩ බැනු ඇත
මේක අසාර්ථක බව පෙන්නලා විකුණලා දාන්න කරන උත්සහයක් වෙන්න ඇති.. මෙහෙම දේශපාලකයන් ගල් ගහල මරන්න ඕනා.
කවුද මේක නවත්වන්නේ, ගුවන් සේවයද නැත්නම් අපේ කවුරුහරිද?
මේ මිනිස්සුන්ගේන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද??වී ගබඩා කළා..ඉන්දියාවට විකුණන්න උත්සාහ කළා..හැමදේකින්ම අන්තිමට වුනේ රටට විනාශයක් විතරයි
ආයෙත් ගබඩා කරන්න වී අස්වැන්නක්වත් ලැබිලද දන්නේ කව්ද ?
ගුවන්යානා බානකොට වී ටික හුළගේ යනවා. ඒ පාඩුව මකාගන්නයි මේ පියවර අරන් තිබෙන්නේ. හදලා තියෙන ගුවන්තොටුපොලකින් ප්‍රයෝජනයක් ගන්න බැරි ආණ්ඩුවක් රටේ ආර්ථිකය කෙසේ දියුණු කරන්නද?
ජිවිතේට ගුවන් ගමන් ගිහින් අනිත් මිනිස්සු ලොක්කෝ වගේ අදහස් දානවා. ගුවන් යානය නතර කරන්නේ ගුවන් සමාගම මගින් මිසක් දේශපාලකයෝ නෙමේ.
අපේ අය කරොත් කරන්නේ ඔහොම වැඩ. 90 ගණන්වලදී සිඩ්නි ඉඳලා කොළඹ ඉන්න ඩිරෙක්ට් ෆ්ලයිට් දෙකක් තිබුණ. එකක් ශ්‍රී ලන්කන්. අනික ප්‍රංශ ගුවන් සමාගමක් ඒඕඑම් ෆ්‍රෙන්ච් එයාර්ලයින් කියලා. අපේ ශ්‍රී ලන්කන් කට්ටිය අර ප්‍රංශ සමාගමට කොළඹට එන්න නොදී නැවැත්තුවා.ඔවුන්ගේ අන්තිම ගුවන් සේවා කාලයේ ඒ සමගම ඒ බව එළිපිටම කිව්වා. ඊට පස්සේ සිඩ්නි සහ කොළඹට ඉතුරුවුණේ ශ්‍රී ලන්කන් සේවය විතරයි. ශ්‍රී ලංකා එමිරේට්ස් එකට වික්කම ඒකත් නැවැත්තුව. අපි අදත් එමිරේට්ස් සිංගප්පුරු වගේ ගුවන් සේවා වලින් කොළඹ එනවා.
රනිල්ගේ දින 100 ප්‍රගතියක් - වී ගබඩාව. ලෝකේ එකම රට ලංකාව ගුවන් තොටුපොළක වී ගබඩා කළ...... මේකද රනිල්ගේ ආර්ථික මොලය. මහා ලොකුවට ආර්ථික ගොඩනංවනවා කියමින්, ජාතියාන්තර ගුවන් තොටුපොළක වී ගබඩා කළා, අක්කර 20 ක පොල්වත්තක් විනාශ කරමින් කාර් ගරාජයක් ඉදිකළා, දුෂණ චෝදනා එල්ලවූ කෙනාට හොරණ කර්මාන්තයක් හදන්න රජයේ විශාල ඉඩම් ප්‍රමාණයක් ඉතා තුට්ටුවට දුන්නා.
තාවකාලිකව වී ගබඩා කලේ ගුවන් තොටුපොලේ ගබඩා වල මිසක් ගුවන් පතයේ හෝ මගී පර්‍යන්ත වල නොවේ
ඕනෙම රටක ගුවන් සමගම විසින් ලබා පාඩු ලබන ගුවන් ගමන් නතර කරන අතර (ලංකාවේ එහෙම නැහැ ) එය ශ්‍රී ලංකා රජයෙන් කරන දෙයක් නොවේ ඒ අනුව මේ ගමනාන්ත නතර කර තිබෙන්නේ ඔවුන්ට මතලින් නගින මගීන් ගේ ප්‍රමාණයේ අඩුකම නිසා
මොහාන්ගේ කියමන ' ගුවන් යානය නතර කරන්නේ ගුවන් සමාගම මගින් මිසක් දේශපාලකයෝ නෙමේ.'. මම ශ්‍රී ලන්කන් ඇතුළු ජාත්‍යන්තර ගුවන් සමාගම් දෙකක වැඩ කරා. රැකියාව කරේ ටිකට් ගණන් තීරණය කරන අංශවල. ශ්‍රී ලන්කන් තීරණ ගත්තේ ආණ්ඩුව - ඒ ලංකාවට අයිති කාලයේ. ඒ වගේම ආණ්ඩුවේ බලපෑම් වලට ගුවන් සමාගම යටයි. ට්‍රැෆික් රයිට්ස් හැටියට හඳුන්වන ගුවන් යාත්‍රා මාර්ග බලපත්‍රය ගුවන් සමාගම් වලට දෙන්නේ රටේ ආණ්ඩුවෙන්. ඒ නිසා හැම ගුවන් සමාගමක්ම රටේ ආණ්ඩුව සමග සම්බන්ධයි.
අපේ මිනිස්සු කොච්චර අඳ බාලද? Fly Dubai කියන්නේ අපට ඇති සමාගමක්ද? මේ ඒ ටිකවත් මේ අදහස් දාන සහරක් මිනිස්සු දන්නේ නැහැනේ.
අසාර්තකයී කියල ආයේ අමුතුවෙන් පෙන්නන්න දෙයක් නැහැ! දවසකට එක ගුවන් යානයක් පැමිණෙන මෙම ගුවන් තොටුපොල අසාර්ථක ව්‍යාපෘතියක්!
විශාල ගුවන්තොටුපළවල් හදන්න ඕනේ ජනතාව වැඩිපුර ගැවසෙන, ව්‍යාපාර යහමින් සිදුවෙන නගර අසළ මේ අලි ඉන්න කැලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හැදුවහම එක සාර්ථක වෙනවද ? ගුවන් සමාගම් මේකට එන්නේ නැත්තේ මගින් නොමැති නිසා, මේකට ඉන්දියාවට හෝ වෙන රටකට බැනල වැඩක් නැහැ, මේක ඉන්දියාවෙන් පාලනය කලත් ලාභ ලබන්න අපහසුයි, සමහරවිට ඔවුන්ට උපායමාර්ගික වාසියක් තිබෙන්න පුළුවන්.
මම කියන්නේ පුළුවන් නම් මේ රටම විකුනන්න ඕනේ. ඉන්දියාවට නෙමි. ලොකු රටකට. එතකොට තියෙන්නේ මේ පාලන ක්‍රම නෙමි. එයාලගේ ක්‍රම. සුද්දගේ කාලේ වගේ. එතකොට මේකේ සල්ලි තියෙන එවුන්ටයි , ඕලමොට්ටෝල දේශපාලකයන්ටයි, උන්ට ඕනේ විදිහට බැහැ. මේකේ ඉන්න එවුන් බොරු ජාති අාලයක්, බොරු බුද්ධාගමක් පෙන්නලා උන්ගේ වැඩේ කරගෙන බලේ ලබාගන්නවා. මේ උදාහරණ බලන්න. රාජ්‍ය භාෂාව සිංහල, ඒ උනාට සිංහලෙන් කතා කලොත් උෟ නුගත්. බුද්දාගමේ එවුන්ට ආනන්ද, නාලන්ද, යන්න බැහැ. ඒ උනාට රටේ කොහේ හිටියත් පීටර්ස් තෝමස් ජෝසප් යන්න පුළුවන්. මට තව ඕනේ තරම් කියන්න පුළුවන් උදාහරණ. මම කියන්නේ මේක මහා බොරුවක් . හොඳට හිතල බලන්න. එක පාරට රට ජාතිය කියල කිව්වට එහෙම එකක් නැහැ. තියෙන්නේ බඩ ගොස්තර වාදය විතරයි. එකයි මම කියන්නේ.
කුරුල්ලෝ එනවයි කියලනේ ඔය නවත්තන්න හදන්නේ. අනේ මන්ද කොහෙන් එන කුරුල්ලෝද කියල. උන්ටත් වෙන යන්න තැනක් නැතුවද ඔකටම එන්නේ.
අපරාදේ අලි හිටපු කැලේ විනාශ කරලා මේක හැදුවේ , මෙයට වැඩිය හොඳය මෙම මුදල් වලින් ත්‍රිකුණාමලය , අනුරාධපුර , වීරවිල වැනි ගුවන්තොටුපළවල් , වැඩි දියුණු කලානම් ,