(විනීතා එම් ගමගේ)
මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් අවතැන් වු ජනතාව වෙනුවෙන් ඉදිවූ කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ තෙවැනි අදියරේ නිවාස ඒකක 396 ක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (8) ජනතා අයිතියට පත්කෙරිණි.
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් අවතැන් වුවන් මෙන්ම බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියෙන් නිවාස අහිමි වූ වොක්ෂොල් වීදියේ 87 හා 175 වතුවල ජීවත් වූවන් ද, මහ කොළඹ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය, කොළඹ වරායේ සිට කොලොන්නාව තෙක් ඉන්ධන නල එළීමේ ව්‍යාපෘතිය හා කැලණිවැලි දුම්රිය මඟවැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති වලින් නිවාස අහිමිවූවන්ටද මෙම නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී ඇත.
රුපියල් මිලියන 1386 ක වියදමින් ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 450 කින් යුක්ත අතර එම නිවාසයක විසිත්ත කාමර දෙකක්, මුළුතැන් ගෙයක්, සඳළුතලයක් හා සනීපාරක්ෂක පහසුකම්වලින් ද සමන්විතවේ.
මෙම නිවාස සංකීර්ණයේ පළමු අදියරේ නිවාස 216 ක් හා දෙවැනි අදියරේ නිවාස 396 ක්ද මේ වනවිට ජනතා අයිතියට පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු 5ක් යනවිට රට හොඳ තත්වයට පත්වේවි!!! අපිට තවමත් බලාපොරොත්තු සුන්ව නෑ.