IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මඩකලපුවෙන් එච්.අයි.වී ආසාදිතයන් 31ක්

සිරාජ් හසීම්
 
ගතවූ මාස 11ක කාලය තුළ  මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී වෛරසය ආසාදනය වූ ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හදුනාගෙන ඇතැයි මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
 
මෙම ආසාදිතයින්  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 14ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් 24000ක් අතර සිදුකල පරීක්ෂණ වලින් හදුනාගෙන තිබේ.
 
ඒඩ්ස් රෝගීන් යැයි හදුනාගෙන ඇති මෙම ආසාධිතයින් 31දෙනා අතරින් 26 දෙනෙකු කොලඹ සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රතිකාර ලබති.
 
මෙම රෝගී තත්වයෙන් සමාජය  ආරක්ෂා කර ගැනීම සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 14 තුළ ප්‍රාදේශීය මට්ටමින්  ඒඩ්ස්  මර්ධන  වැඩපිළිවෙලක් ආරම්බ කර තිබෙන බව මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.
 
මෙම වැඩසටහනට අනුව මෙම සීමාවන්ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇතිදැයි හදුනාගැනීම සඳහා වෛද්‍ය හා රුධිර  පරීක්ෂාවන්ට ලක් කරන බවත් මෙම ඒකකය කියා සිටීයි.
 
ගතවූ මාස 11ක කාලයේ  මඩකලපුව දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් 12000කුත් , මඩකලපුව බන්ධනාගාරයේ රැදවියන් 2400කුත්, මඩකලපුව රෝහලට පැමිණ  3600කුත්, ග්‍රාමීය මට්ටමෙන් පුද්ගලයින් 6000කුත්  එච්.අයි.වී පරීක්ෂාවන්ට ලක්කල බවත් රෝගය වැළදුනු 31දෙනෙකු මේ අනුව හදුනාගත් බවත් එම ඒකකය පවසයි.
 
එච්.අයි.වී ආසාධිතයෙකුට ප්‍රතිකාර ලබාදීම තුළින් තවත් අයෙකුට මෙම රෝගය වැළදීමෙන් බේරාගත හැකි බවද පවසයි.



අදහස් (5)

මඩකලපුවෙන් එච්.අයි.වී ආසාදිතයන් 31ක්

පිටිගල මිලානෝ Monday, 11 December 2017 12:38 PM

ක්‍රමානුකුලව බෙහෙත් භාවිතා කලොත් මෙය තවදුරටත් භයානක ලෙඩක් නොවේ. අසාදිතයාගෙන් තව කෙනෙකුට බෝවීමද නූතන බෙහෙත් වලින් වළකිනවා. ලිංගික අධ්‍යාපනය පාසල්වල උගන්වන්න.

:       21       107

sathyapala Monday, 11 December 2017 12:49 PM

රට පුරා එච්.අයි.වී ආසාදිතයන්..... මීලග බිල්ල ඔබ පවුලේ අයෙකු විය හැක. විවාහයට පෙර කේන්දර පොරොන්දම් බලනවා වෙනුවට රුධිර පරික්ෂාවක් සිදුකර විවාහය සිදුකරන්න.

:       15       95

roshan Monday, 11 December 2017 03:47 PM

සියලුම ජංගම දුරකතන, ජාල අන්තර්ජාලයේ අසභ්‍ය චිත්‍රපටි බ්ලොක් කල යුතුය. මුදල් ඉපැයීමට එසේ නොකරන ආයතනවල බලපත්‍ර තහනම් කළ යුතුයි.

:       308       157

සමන්තMonday, 11 December 2017 04:28 PM

එතකොට ඔක්කොම හරිද? මේ වගේ මෝඩ දේ නෙමේ කරන්න ඕනේ. ලිංගික අධ්‍යාපනයක් ලබාදීම කල යුතුයි.

:       69       510

Aka elle Monday, 11 December 2017 04:01 PM

මේවාට එන්නතක්වත් හඳුනාගෙන මර්ධනය කළ යුතුයි. නැතිනම් සමාජය පමණක් නොව රටම ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site