ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
කොග්ගල ගුඩුමුල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මාතර සිට මහනුවර බලා ගමන් ගත් සීඝ්‍රගාමි දුම්රියේ අද (23 ) සවස ගැටුණු මෝටර් රථයක් ගැටීමෙන් මාස දෙකක් වයසැති බිලිඳියක මිය ගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අනතුරට මුහුණ පා ඇත්තේ කළහේ ප්‍රදේශයේ පදිංචිකරුවෝය. අනතුර වූ අවස්ථාව වනවිට මියගිය දරුවාගේ දෙමාපියන් සමග මෝටර් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූ සෙසු පිරිස ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබේ.
මෙම පිරිස කොග්ගල ගුඩුමුල්ලේ පිහිටි හෝටලයක පැවති සුහද හමුවකට සහභාගී වී පැමිනෙමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා ඇති බව මූලික පොලිස් විමර්ෂණයේදි හෙලිවූ බව පොලිසිය කියයි.
(ඡායාරූප නිමල් අල්ගේවත්ත)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක පුවතක්...
දුම්රිය හරස් ස්ථානයක් අනාරක්ෂිතව තබා තිබෙන්නේ මොන රටේද ?
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට ගේට්ටු දාගන්න තරම් ක්‍රමවේදයක් හිතාගන්න බැරි රටක මුහුද ගොඩ කරලා මෙගපොලිස් නගර හදන්න පුළුවන්!!!