IMG-LOGO

මෝටර් රථයක් දුම්රියේ ගැටී මවක සහ දියණියක රෝහලේ

කේ බුද්ධික කුමාරසිරි
 
කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගිය මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන්  මෝටර් රථයෙහි ගමන් ගත් මවක සහ දියණියක  බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
 
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් සියයක පමණ දුරක් ඇදී ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
 
මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය පිළිබඳව මාධ්‍ය මගින් ද කීප විටක් දැනුම්වත් කලද  බලධාරීන් ඒ ගැන අවධානයක් යොමු කර නැතැයි ප්‍රදේශවාසීහු කියති.
 
මෝටර් රථය දුම්රියේ ගැටෙන ආකාරය අසල වෙළඳසලක තිබූ  සීසීටීවී දර්ශනවල සටහන් වී තිබිණි.



අදහස් (7)

මෝටර් රථයක් දුම්රියේ ගැටී මවක සහ දියණියක රෝහලේ

PIYAL BATUWANGALA Tuesday, 15 May 2018 01:09 PM

අසරණ මිනිසුන් ..... මේවට වගකියා ඕන රජය මේ වගී මේවගේ තැන ලංකාවේ ...කොතෙක්ත .. පාලකයන්ගේ අවදානය පිණිස

:       69       46

අප්පුහාමි Tuesday, 15 May 2018 04:18 PM

ලංකාවේ වර්ග මීටරයකට ඇමති රාජ්‍ය ඇමති, මන්ත්‍රීලා විසිපහකට වැඩිය ඉන්නවා මහජන මුදලින් නඩත්තු වෙන. මේවාට වගකියන්න කවුරුවත් නෑ.

:       1       13

Ranjith Silva Wednesday, 16 May 2018 01:06 AM

තමන්ගේ ක්‍රියාව ගැන අවදානයක් නැතිව වාහන පදවන අයට මේවට මුහුණ දෙන්න වෙනවා. තව කොතෙකුත් දෙනා මෙතනින් යහපත් ලෙස යනවා. මේවගේ යන අයත් කීප දෙනෙක් ඉන්නවා. මොන රජයක් ආවත් මෝඩකමට පිළිතුරු නම් නැහැ .

:       0       2

asiri Wednesday, 16 May 2018 02:49 AM

සිහියක් නැතුව වාහන එලවනවා විශේෂයෙන් ගැහැණු අය

:       0       0

samurai Wednesday, 16 May 2018 03:09 AM

මට තාම හිතාගන්න බැහැ දුම්රිය 300 Km /h වේගෙන් ආවද නැත්නම් ඇස පියාගන වාහන පදිනවද කියල

:       0       0

Magiya Wednesday, 16 May 2018 04:05 AM

හැම එකටම රජයකට වග කියන්න බෑ. මොළය පාවිච්චි කිරිම තමන්ගේ වග කිමක්. අද කාලේ අලුතින් ලයිෂන් ගත්තු කාන්තාවන් පාරේ කාර් එලවන හැටි පේන්නෙ නැද්ද ? වග කියන්න ඕනෑ හරියට තාක්ෂණය වත් මාර්ග නීති වත් කියා නොදී හොරාට ලයිෂන් දෙන අයයි.

:       0       0

Stewansan Wednesday, 16 May 2018 04:50 AM

දුම්රිය පාර හරහා මාර්ග ඉදිකිරීමේදී ගුවන් පාලම් ඉදිකලා නම් විකල්පයක් වෙනවා නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 22 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site