රංජන් කස්තුරි
කොළඹ,මට්ටක්කුලියෙහි පිහිටි උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය ඉකුත් සිකුරාදා (8) සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ.
නවක සිසුන්ට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවු ගැටළුකාරී තත්වයක් මත ආයතනය වසා දැමීමට සිදුවු බව අසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂක පි.ජී.ලාල්ශාන්ත මහතා පැවසිය.
ප්‍රථම වසර සිසුන්ට නවකවදය තදින් ලබාදෙන බවද එවැනි සිද්ධියකින් සිසුන් බේරාගැනිමට ගිය අවස්ථාවකදී සිසුන් විනය විරෝධී ලෙස හැසිරුණු බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගැන අපි හොඳටම දන්නවා...ඉතින් මෙයා කියන දේ ගැනත් හිතාගන්න පුළුවන්..
නවක වදය නවත්වන්න තියන එකම ක්‍රියාමාර්ගය ආයතනය වසා දැමීම නොවේ. ඒ සදහා වෙනත් වීකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට මේ නවකවදය දෙන්න සෑම සිසුවෙක්ම සම්බන්ධ නොවන අතර ඊට විරුද්ධ මත දරණ සිසුන් ආයතනය තුල එකතුකර ශිෂ්‍ය කමිටු හදා ඔවුන්ට නවක සිසුන් කොටස් වශයෙන් භාරදීම ඒ වගේම දෙමාපියන් සම්බන්ධකර ආරක්ෂ කමිටූ පිහිටුවා ආයතනය තුල නවක සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම වැනී දේවල් ක්‍රියාත්මක කිරිම හරහා මේ නවක වදය තුරන් කල හැකිවනු ඇතයි මගේ විශ්වාසය.
ඔවැනි සිසුන් ඇති ආයතන සඳහටම වසා දැමිය යුතුයි.
මෙවැනි සිසුන් ඇති ආයතන සඳහටම වසා දැමිය යුතුයි.
මේ ඔක්කොම මානසික රෝගීන්. අපි මට්ටකුලිය අවට මිනිස්සු අපේ ළමයෙකුට රිද්දුවොත් දෙනවා ගමටම දුවන්න.