(නිමන්ති රණසිංහ)
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුට සිම්කාඩ් පතක් ලබාදුන් බව කියන එම බන්ධනාගාරයේ ආපනශාලාව භාර බන්ධනාගාර නියාමකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා ලංකාදීපයට පැවසීය.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ආපනශාලාව භාරව සිටි බන්ධනාගාර නියාමකවරයාය.
බස්නාහිර බුද්ධි කොට්ඨාසය කේරළ ගංජා සහ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සැරයන්වරයා සහ මෙම බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධ වී ඇති බවටද ඔහු පිළිගෙන අති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
COMMENTS
යහපත් නීති පවත්වා ගැනීමට හා රටේ නීතියේ සාධාරණ බවේ වගකීම තබාගැනීම සඳහාත්, සියළුම බන්ධනාගාර නිලධාරීන් නිතිපතා එස්.ටී.එෆ් එක ලවා පරීක්ෂාවකට ලක් කිරීම කාලෝචිත වේ. මෙයට හොඳ නිලධාරීන් විරුද්ධ නැත. මන්දයත්, ඔවුන්ටද අවශ්‍ය වනු ඇත්තේ හොඳ බන්ධනාගාර සේවයකි...
ජනාධිපතියි, නීතිපතියි, බන්ධනාගාර කොමසාරිස් සහ පොලිස්පතිවරු මෙච්චර කියන වෙලෙත් මෙහෙම කළා නම් ගෙදරම යවන්න ඕනේ... තමන් ගැන විතරක් හිතන රටට මොනවා වුණත් කමක්නැති බව හිතන මිනිස්සු...
ආරම්භය හොඳයි. දිගටම කරගෙන යන්න. තව කෙනෙකුට අතගහන්න ඉතුරු කරන්න එපා.
ගණන් ගන්න එපා... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ නේද?
පාතාලෙ හෝ ඒකට සම්බන්ධ එකෙක් වත් ඉතුරු කරන්න එපා. ඔක්කොම කාලකන්නි ආයුධ පෙන්නන්න එක්ක යන්න. සිරිකොතේ ඉඳුල් කන බත් බැලයෝයි, අලියගේ නැට්ටේ එල්ලිච්ච 3% සීනු කාරයෝයි (මේ ඡන්දෙදී ඒ අය 1% ටත් වඩා අඩු ගානකට බහිනවා) ඇරුණාම රටේ අති බහුතරයක් මිනිස්සු කැමතියි ඔය පාතාල සක්කිලි හැත්තව නැත්තට නැති කරලා දානවට... මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්නයි, ව්‍යාපාර කරදරයක් නැතුව කරගන්නයි ලැබෙන්නේ නැහැ... ඔය පාතාලේ කාලකන්නි ඉන්නකන්....