(සනත් ගමගේ)
 
හිමි නමක් ඇතුළු පුද්ගලයින් 39 දෙනෙක්  අම්බලන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු  රිමාන්ඩ් කර සිට පසුව  සියලු දෙනා ඇප ලබා සිටියදී අද (27) යළි නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ කැඳවිණි.

හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රිත ආයෝජන කලාපයේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා රුහුණු සංවර්ධන සැලැස්මට මුල්ගල තැබූ ඉකුත් ජනවාරි (7) දා අම්බලන්තොට හා  මිරිජ්ජ්විල අවට ප්‍රධාන මාර්ගය හරස්කර ටයර් පුළුස්සා  විරෝධතාවයේ යෙදී පොදු දේපළට හානි කළැයි ඔවුහු චෝදනා ලැබ සිටිති.

නඩුව සඳහා නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් 2018 අගෝස්තු 30 වැනි දා දක්වා නඩු විභාගය යළි කල් තැබිණි.