(අකිල බද්දෙවිතාන)
කොළඹ නගරයේ අධික රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් රථ ධාවනය සඳහා වෙනම මංතීරුවක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මේ සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු 12 වැනිදා සිට රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා මාර්ගයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සිංගප්පූරුව, කොරියාව වැනි රටවල දැනටමත් ක්‍රියාත්මක මෙම ක්‍රමය මගින් පොදු මගී ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීම අරමුණ බවත් තම අමාත්‍යංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් සභා ප්‍රවාහන ආයතන, ප්‍රවාහන අමාත්‍යංශය සමග එක්ව මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා කීවේය.
මාර්ගයේ ඉඩකඩ කාර්යක්ෂම කරමින් සෑම අයකුගේම කාලය ඉතිරි කිරීම මෙහි අරමුණ බවත් දැනට රාජගිරිය සිට ආයුර්වේද මංසන්ධිය දක්වා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු දුර්වලතා හඳුනාගෙන කොළඹ නගරයේ සෙසු මාර්ග සඳහා ද එම ප්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමට නියමිත බවත් ඇමැතිවරයා අද (8) බත්තරමුල්ල සුහුරුපායේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසීය.
රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් තවත් වැඩසටහන් රැසක් නුදුරේදීම ක්‍රියාත්මක කෙරෙන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

COMMENTS
දැනට බස් රථ භාවිතා කරන මං තීරු , පදික වේදිකා , කහ ඉරි , පාරේ වැරදි පැත්ත, ආදියට අමතරව තවත් මං තීරුවක් දෙනවා කියලද මේ කියන්නේ ?
එක දිනකට ත්‍රී වීලර් ගෙදර තබන්න නියෝගයක් දී බලන්න කොහොමද තද බද අඩුවෙන හැටි . ඊට පස්සේ ත්‍රී වීලර් හිමි අයට විකල්ප අදායම් ක්‍රමයක් හදන්න.
අයියෝ බබියල ටික ඔහොමම යාවි.
මේක කරන්න තිබ්බෙ මීට ඉස්සර.. දැන්වත් ක්‍රියාත්මක කිරීමත් හොඳයි..
මේවගේ මං තීරු ගාලු පාරේ කොලබ හරියේ තියෙනවා. ලංකාවට අලුත් දෙයක් නෙමෙයි.