IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බස් ගාස්තු වැඩිකිරීම ගැන කැබිනට් තීරණය අද

(අකිල බද්දෙවිතාන)

ජූලි 1 වැනිදා සිට සිදුකිරීමට යන බස් ගාස්තු සංශෝධනය පිළිබදව අද(20) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචි පවසයි.

බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

බස් ගාස්තු වැඩිවීමක් සිදුවනවාද නැද්ද යන්න අද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කෙරෙනු ඇතැයි පැවසේ.
බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජුලි 1වැනිදා ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට අනුමැතිය ලැබී ඇති අතර මෙවර එය 6%ක උපරිමයකට යටත්ව සංශෝධනය වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇතැම් බස් සංගම් පෙන්වා දෙයි.



අදහස් (1)

බස් ගාස්තු වැඩිකිරීම ගැන කැබිනට් තීරණය අද

vipula Tuesday, 20 June 2017 06:41 AM

කලින් රජය සමයේ බස් ගාස්තු වැඩි වුනේ ඩීසල් වැඩි මිල වැඩි වනවිට. නමුත් මෙකල බස් ගාස්තු වැඩි වන්නේ උද්දමනය පාදක කොටගෙන. රජයක් විදිහට උද්දමනය පාලනය කරන්න බැරි නම් පාලනය කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න. නිකන් මහජන තාවගේ සාක්කුවට බරක් වෙන් නැතුව .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site