
(චමිල් රූපසිංහ)
චෝදනා පහක් යටතේ බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගත්බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ තිලක් යු ගමගේ මහතා අද (29) පැවැසීය. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමිනි.
මෙම සිද්ධිය සම්බන්ධව ගිය සතියේදී පොලිසිය විසින් කරුණු වාර්තා කර අතර අද දින එම ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණු ලැබනු බවද ඒ සම්බන්ධව අදාල ලිපිගොනුව නිතිපතිවරයාටද යොමු කර ඇති බව ආණ්ඩුකාරවරයා පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා මෙසේද කීය.
මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවාද, මහාධිකරණයේ නඩු පවරනවාද යන්න තීරණය කරුනු ලබන්නේ නීතිපතිවරයා විසින් බවත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළ අතර ප්‍රධාන වශයෙන් මෙහි සඳහන් වී ඇත්තේ නිසි ක්‍රමවේදයකට මෙම ගොඩනැගිල්ල ඉදිකර නැති බව තහවුරු වී ඇති බවත් මහල් 5 ක බර දරා ගත නොහැකි පරිදි එම ගොඩනැගිල්ලේ පාදම ඉදි කර නොමැති වීම ප්‍රධාන සාධකය වී ඇති බව තහවුරු වී ඇති බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අද (29) වාර්තාව ලැබෙන බවත් මේ සම්බන්ධව හෝ වෙනත් කාරණයකදී සියලුම පළාත් පාලන ආයතන ඉදිරියේදී නායයෑම් සම්බන්ධව මහනුවර හා නායයැම් ඇති ප්‍රදේශ වල ගොඩනැගිලි වල හා අලුතින් ඉදිකරන ගොඩනැගිලි සඳහා විදිවිධාන හා නීතියට ගරු කර මෙවැනි අනීතික ගොඩනැගිලි සාදන අවස්ථාවලදී පාළාත් පාලන ආයතන වලට බලය ලබා දීම සඳහා සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති වසන්ත යාපා මහතා හා අනිකුත් මන්ත්‍රීවරුන් කටයුතු කරනු ලබනු ඇති බවද ආණ්ඩුකාරවරයා එහිදී පැවැසීය.
මේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිරිදිගොඩ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.