IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බල්ලකුගේ සපා කෑමට ලක්වූ තිදෙනෙක් රෝහලේ

(ප්‍රේමතිලක පෙරමුණ)

මීගහතැන්න නගරයේ දී අද(21) අපොස සාමාන්‍ය පෙළ විභාගය ට යමින් සිටි පාසල් සිසුවියක  හා තවත් පුද්ගලයින් දෙදෙනකු සුනඛයෙකුගේ සපා කෑමට ලක්ව ඇත.

එම සුනඛයා නගරයේ සිටි අයාලේ යන තවත් සුනඛයින් කීප දෙනෙකු සපාකා  ඇති අතර ප්‍රදේශවාසීන් විසින් සුනඛයා අල්ලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට බාර දෙනු ලැබීය. වලල්ලාවිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය අමාත්‍යාංශයේ උපදෙස් මත සපාකෑම ට ලක් වූ පාසල් ශිෂ්‍යාවට මුලික ප්‍රතිකාර කර විභාගයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

අනෙකුත් පුද්ගලයින් දෙදෙනා මුලික ප්‍රතිකාර කර නාගොඩ රෝහලට මාරුකර යවා ඇති අතර පාසැල් සිසුවිය විභාගය අවසන් වු සැනින් නාගොඩ රෝහලට යැවීමට කටයුතු කරන බව වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

අදාල සුනඛයාට පිස්සු බලු රෝගය වැළඳී තිබේදැයි පරීක්ෂා කිරීමට බොරැල්ලට යොමුකළ බව සෞඛ්‍ය නිලධාරීහු කියති.

 



අදහස් (5)

බල්ලකුගේ සපා කෑමට ලක්වූ තිදෙනෙක් රෝහලේ

Mahinda Wijekoon Thursday, 21 December 2017 07:52 AM

දඩාවතේ යන බල්ලන් විනාශ කරන්න එපා කියා හඬ නගන අයට කියන්න ඔවුන් අරගෙන යයි.

:       5       73

sunil gikiyanage Thursday, 21 December 2017 08:17 AM

අයාලේ යන බල්ලන්ව මරල හරි ඉවත් කරන්න ඕන. රෑකට වැඩිහිටියෙකුටවත් පාරක බැහැල යන්න බැහැ. පොඩි ළමයෙකුට තනියෙන් පාරේ යන්න බැහැ. මේක මහා ව්‍යසනයක්. කාර්වල යන අයනම් කියාවි නෑ නැ බලු අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා කියල. මේකෙ ප්‍ර‍ශ්නය තියෙන්නේ දුප්පත් මිනිහට නිසා මෙය කවුරුත් අවදානය යොමු කරන්නේ නැහැ. පන්සල්වල. පාසල්වල. රෝහල්වල බල්ලන්ගේ කරදර හැමවිටම. බල්ලෝ ඇතිකරන කරන අයටත් නීති ක්‍රියාත්මක කළ යුතුයි.

:       1       112

dhamneth Thursday, 21 December 2017 09:39 AM

දඩාවතේ යන බල්ලන් සපාකෑම පමණක් නොවෙයි දිනකට සිය ගණනක් වාහන අනතුරු සිදුවෙනවා....යතුරු පැදිකරුවන් ආබාධිත තත්වයට පත්වී සිටනවා.ඒවගේම හිස් යෝගට් කෝප්ප සැමන් ටින් මස්මාලු එතු දවටන තැන් තැන්වල දැමීමෙන් ඩෙංගු බෝකරනවා.එනිසා දඩාවතේ යන බලුගහනය අඩුකිරීමට වහාම පියවර ගතයුතුයි.ආගම ගෙනයාමටත් ජනතාව ජීවත්වෙලා සිටිය යුතුය.

:       0       0

maradha Thursday, 21 December 2017 10:55 AM

දඩාවතේ යන බල්ලන් සපාකෑම, වල අලින්ගෙන් පහරකෑම වැනි දේ රටේ දුප්පත් මිනිසුන්ට තියෙන ප්‍රශ්න. නමුත් බොහෝවිට ලංකාවේ මේවට විරෝධය පාන්නේ නගරබදව වායු සමීකරණය කරන ලද කාමර වල වාසය කරන අයයි. අවම වශයෙන් මහජන ඡන්දෙන් පත් වුණ අයටවත් මේ දේවල් පෙනෙනවා ඇතැයි සිතමි.

:       0       0

suren Thursday, 21 December 2017 11:20 AM

ආණ්ඩුව සල්ලි ඉතුරු කරන්න බල්ලන් වඳ කරන එක නැවැත්තුව ..මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා හරි ප්‍රාදේශීය සභාවලින් මේ බල්ලන් වඳ කරන එක කලොත් සත්ව ඝාතනයත් ..පිස්සු බලු කේස් එකත් දෙකම නැති වේවි!!!!!!!!!!!!!

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site