( දියතලාව - ඩී.කේ.රත්න සහ වියලුව - නිශාන්ත කුමාර )
අඹුසැමියන් අතර සිදුවූ ආරවුලකදී ස්වාමියා විසින් අද (12දා) හවස තම බිරිදට දර පොල්ලකින් සිදුකල පහරදීමකදී එම දර පොල්ල සිඟිති දරුවකුගේ බෙල්ලට වැදීම නිසා එම සිගිති දැරිය මියගොස් ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
කන්දකැටිය මුඩගමුව පදිංචි එන්.එම්.සමුදිකා සෙව්වන්දි නැමති මාස පහක සිගිති දැරියක් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.
දර පොල්ල වැදීමෙන් පසු දැඩි අසාධ්‍ය තත්වයෙන් මෙම දැරිය මීගහකිවුල දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරු කර ඇතත් බදුල්ල මහ රෝහලට රැගෙන එන විටත් මෙම දැරිය මියගොස් තිබේ.
කන්දකැටිය පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ සිදු කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බිරිඳට ගැසූ දර පොල්ල වැදී මාස 5 ක දියණිය මරුට
sanjeeva Saturday, 12 May 2018 03:04 PM
ජයවේවා... කන්දෙකැටිය ප්‍රාදේශීය සභාවට මෙතුමාව යවමු..
RaveendraSaturday, 12 May 2018 03:47 PM
දරුවන් නොමැතිව අඹුසැමියන් කොතරම් සිටීද? නමුත් මේ මිනිස් ආත්ම ලබපු තිරිසනුන් මෙන් මිනිසුන් මෙසේ හැසිරීම ඉතාමත්ම අවාසනාවකි. මේ රත්තරන් දූ පැටියාට කිසිඳු ආත්මයක මෙවන් කරදර සිදුනොවේවා !!! රත්තරන් දූ පැටියට නිවන්සුව අත්වේවා !!!
RaveendraSunday, 13 May 2018 10:36 AM
සංජීව මයා වෙත... මේ අහිංසක රත්තරන් දූ පැටියාට ඔබ අවමන් කර ඇතිබව කණගාටුවෙන් සඳහන් කරන්නෙමු. අප සතෙකුටවත් මියගිය පසු මෙසේ සදහන් කරන්නේද? ඔබටද මෙසේ රත්තරන් දුවෙක් සිටීද? ඔබගේ සහෝදර සහෝදරියන්ට සිටීද? එසේ සිටින්නේ නම් නැවත වරක් ඔබගේ මෙම අදහස් ඔබ විසින්ම කියවා බැලීම යෝග්‍ය වේ...
banda Saturday, 12 May 2018 05:36 PM
මහා පව් කාර තාත්ත කෙනෙක් ....
mohan Saturday, 12 May 2018 06:34 PM
කුඩා දරුවකු නැති උනත් සමහර මිනිස්සු විහිලුවට ගන්නවා.........
ලුම්බිණි Sunday, 13 May 2018 02:02 AM
ඉතාම කනගාටු දායකයි.
Ranjith Silva Sunday, 13 May 2018 02:54 AM
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් සිත කම්පා නොවේ.................. ඉදිරියට යහපත් ජීවිතයක් ගෙවන්න මේ මව් පිය දෙපලට දහම වැටහේවා කියා පතමි.
Ranjiuth Silva Sunday, 13 May 2018 02:57 AM
වැඩිහියන් අකුසල් රැස් කරගත්තා.......... අනිත්‍ය වටහා ගන්න. බුදු වදන තේරුම් ගන්න.
ASELA BANDARA Sunday, 13 May 2018 05:15 AM
මාස 5 ක කිරිදරුවෙක් මැරුණට පස්සේ ජයවේවා!!!! කියන මිනිස්සු ඉන්න රටක් මේක.
සතයපාල Sunday, 13 May 2018 05:53 AM
ලංකාවේ බහුතරය පහළ බුද්ධි මට්ටමක් සහිත ජනතාවක් බවට මීට දින කිහිපයකට පෙර කොළඹ විශ්ව විදයාලයේ ආචාර්ය වරියක් ජාතියන්තර වර්ථාවක් ඇසුරෙන් කල ප්‍රකාශය මට මේ අවස්ථාවේ සිහිපත් උනා. ඇත්තටම අපේ රටේ මේ තරම් පහත් දීන මනුෂ්‍ය ස්වභාවයක් පෙන්නුම් කරන්නේ මේ හේතුව නිසාම විය යුතුයී.අපේ බහුතරයක් ඉන්නේ ගෝත්රිත අවදිය තුලයි. ප්‍රශ්න විසදිමට බාහු බලය යෙදවිම එකම විසදුම ලෙස දකින අනිකාගේ අදහස් වලට හා සිතුම් පැතුම්වලට ගරු නොකරන පුද පූජා පවත්වමින් හා නොයකුත් ආගමික හා විඥාණ වාදී ක්‍රියාකාරකම් වල යෙදමින් පුද්ගල විමුක්තිය සොයමින් සමාජීය වශයෙන් පිරිහෙමින් ඇති මිනිසුන් කොටසක් වන අපිට ලෝකය තුළ පහල ස්ථානයක් හිමිවීම අරුමයක් නොවේ.
Anton AustriaSunday, 13 May 2018 10:52 AM
සත්‍යපාල මහතා වෙත. අනිත් කාරණාව නම් මේ ළඟදි දැක්කා යූ ටියුබ් වීඩියෝ එකක්.. ගෙදර හදන බල්ලෙකු අද්භූත විදිහකට පහරකට හසුවෙන ආකාරය... එය බලා සිටින කකුල් දෙකේ බල්ලොත් සිටියා. එම බල්ලාව අනිවාර්යයෙන්ම ගෙදර හදපු සතෙක් බව මා දැක්කා. මෙහෙම තිරිසන් මිනිසුන් සිටින රටේද අපි සිටින්නේ කියා සිතුණා.
Sarasi Sunday, 13 May 2018 08:24 AM
බොහොම කණගාටුයි. දරුවන් නැතිව ලක්ෂ ගණන් දොස්තරවරුන්ට පුදන, දෙවියන්ට භාර වෙන්න සැතපුම් ගණන් නිතර යනෙන, ඥාති සොයුරියක් මේ පුවත දැකලා හිසේ අත ගසා ගත්තා. ඇය කිව්වේ එකම දෙයයි. මෙහෙම ජීවිතය ගැන වගකීමක් නැති මිනිස්සුන්ටද දරුවන් ලැබෙන්නේ?
dumudu Sunday, 13 May 2018 08:40 AM
මෙවැනි අපරාධවලට දැන්වත් මරණ දඬුවම පනවන්න. ගරු ජනාදිපතිතුමනි, දැන්වත් ක්‍රියාත්මකවන්න. එය බෞද්ධයින්ට හානියක් නොවෙයි. එදා රජ දවස ගැන හිතන්න එදා බෞද්ධයින් හිටයේ නැද්ද?
Cham Sunday, 13 May 2018 09:26 AM
අපේ මිනිස්සු හරිම අවේග ශීලි, වලි දාගන්න තමා දක්ෂයි..................හරිම දුකයි .
kalani Monday, 14 May 2018 11:55 AM
වසර ලක්ෂයකට පමණ පෙර පොලු මුගුරු රැගෙන දඩයමේ ගිය මානවයා තවමත් පොලු මුගුරු ඉවත් කර නැත.