(මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
දේශීය සංචාරකයන් පිරිසකට හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ඩෙවෝන් ප්‍රදේශයෙදී අද (13) දහවල්01.00 ට පමණ එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙක් ඇතුලු 06 දෙනෙක් තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.
මීගමුව ප්‍රදේශයේ සිට නුවරඑළිය බලා පුද්ගලික බස් රථයකින් ගමන්කරමින් සිට ඇති මෙම පිරිස “ඩෙවෝන්” දිය ඇල්ල නරඹා ඉවුම් පිහිම් කටයටුතුවල නිරතව සිටින අතරදී ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම හදිසි බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.