IMG-LOGO

බිම් බෝම්බ ඉවත්කිරීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන්

(රොමේෂ් මධුෂංඛ)

ලෝකයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියට ගමන් කොට තිබීම පිළිබඳව තමන් සතුටු වන බව  බිම්බෝම්බ පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළබඳ කොමසාරිස් ජෝර්දානයේ මිරේඩ් රාද් සෙයිද් අල්හුසේන් කුමරු පැවසීය.

හුසේන් කුමරු මේ බව පැවසුවේ  ඊයේ (06) මුහමාලේ ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුවන අන්දම පිළිබඳව කරුණු සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට යළි පදිංචිකරවීමේ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී. ස්වාමිනාදන්, යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම්,යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වන රාජ්‍ය නොවන සංවිධානයන්හ නියෝජිත පිරිසක් හුසේන් කුමරු සමඟ මෙම නිරීක්ෂණ සංචාරයට එක්ව සිටි අතර, එහිදී දේශීය සංවිධාන කීපයක්,යුද හමුදාව හා අන්තර් ජාතික සංවිධාන දෙකක් එම පළාතේ බිම්බෝම්බ ඉවත් කරන අන්දමද නිරීක්ෂණයට ලක් වී තිබේ.

එහිදී මාධ්‍යට අදහස් දැක්වු හුසෙන් කුමරු පවසා සිටියේ 

‘ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුලු බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත අනෙකුත් සංවිධානවල දැඩි කැපවීම අගය කරන අතරම දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිදු කරන මෙම බිම්බෝම්බ ඉවත් කිරීම් පිළිබඳව තමන් සතුටු වන බවයි . ඒ අතරම ශ්‍රී ලංකාව තුළ සාමය හා සංහිදියාව වර්ධනය කිරීමට රජය ගන්නා උත්සහය සම්බන්ධයෙන්ද සුභපතන බවයි.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි  මහතා  සඳහන් කළේ
‘මේ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි වර්ග කිලෝමීටර් 2325 ක භූමි ප්‍රමාණයක බිම්බොම්බ ඉවත් කර ඇති  බවත්   තවත් ඉතිරිව ඇත්තේ එම ප්‍රදේශයන්හි වර්ග කිලෝමීටර් 27 ක භූමි ප්‍රමාණයක් වන අතරම මේ වන විට වලලා තිබූ බිම්බෝම්බ වලින් පුද්ගල නාශක බිම්බොම්බ 7,35,444 ක්ද , යුද ටැංකි නාශක බෝම්බ 2073ක්ද, පුපුරණ ද්‍රව්‍ය නාශක අඩංගු නිශ්පාදන  5,56,385 ඉවත් කොට ඇති  බවයි.

මෙතෙක් කිළිනොච්චියේ මුහමාලේ ඇතුළු ප්‍රදේශවලින් ඉවත් කරන ලද බිම්බෝම්බ හා සෙසු පුපුරණ ද්‍රව්‍ය කොටස්ද හුසේන් කුමරුට දැකබලා ගැනීමට බිම්බොම්බ ඉවත් කිරීමේ සංවිධාන විසින් අවස්ථාව සලාසා දී තිබේ.



අදහස් (3)

බිම් බෝම්බ ඉවත්කිරීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන්

Senarath Wednesday, 07 March 2018 08:27 AM

බිම් බෝම්බ ඉවත්කිරීමෙන් විතරක් නෙමෙයි අවසාන් යුද්ධේ කලෙත් සාමාන්‍ය ජනතාවට අවම හානියක් වෙන විදියට. මරාගෙන මැරෙන බෝම්බ කරුවෝ සාමාන්‍ය ජනය සමග පැමිණ , බෝම්බ පුපුරුවා ගනිත්දී, ප්‍රති ප්‍රහාර එල්ල නොකර තමන්ගේ ජිවිතේ බිලිදුන්න සොල්දාදුවෝ ඉන්නේ ලංකාවේ විතරයි. එත් බටහිරයන්ගේ වෙනත් අරමුණු ඉෂ්ට කරගන්න අපේ රටට කරන කෙනෙහිලි කම් නිසා දැන් අභූත චෝදනා නගනවා.

:       1       141

BamunuarachchiWednesday, 07 March 2018 12:17 PM

බොහෝ සිංහලයින්ට මේවා මතක නැත ඒ සිංහලයින් හිතාගෙන ඉන්නේ වැස්සක් පැව්වා වගේ යුද්ධය ඉවර උනා කියලා. සිංහලයෝ කියා ගන්නා සමහර අය අලිමංකඩ කිලිනොච්චිය කියලා ප්‍රදේශ තිබෙනවා කියලත් මේ යුද්ධය නිසා දැන ගෙන තිබෙනවා.

:       0       112

amal Wednesday, 07 March 2018 09:37 AM

ඇයි මේ කාගෙවත් අදහස් අපිට. ඇයි මේ කොහෙවත් යන හැම එකටම අපේ වැඩ වලට ඇගිලි ගහන්න දෙන්නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 451 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 890 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site