IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බැඳුම්කර වෙන්දේසිය අලුත් වෙයි

(විනීතා එම් ගමගේ)

රජයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා බැඳුම්කර වෙන්දේසිය නව ක‍්‍රමයකට සිදු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඍජු දීමනා හෝ පෞද්ගලිකව බැඳුම්කර නිකුත් කිරීමක් සිදු නොවන බවත්  බැඳුම්කර නිකුත් කෙරෙන්නේ වෙන්දේසි ක‍්‍රමයට පමණක් බවත්  ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

නව ක‍්‍රමය අනුව සිදුවන පළමු බැඳුම්කර වෙන්දේසිය හෙට (27) සිදුවන බවද හෙතෙම පැවසීය.

දේශිය හා විදේශියව මේ සම්බන්ධ දැනුම ඇති ආචාර්ය, මහාචාර්යවරු, විදේශ උපදේශකයින් ඇතුළු පිරිස්වල උපදෙස් ලබාගෙන රජය මේ තීරණය ගත් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

ලබන වසරේ දී බැඳුම්කර වෙනුවෙන් රුපියල් බිලියන 957 ක් සෙවිය යුතුව ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා 1990 ගණන්වල සිට ලබාගත් කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් ගෙවීමට මෙම මුදල් අවශ්‍ය වනු ඇතැයි ද පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති නව බැඳුම්කර නිකුතුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (0)

බැඳුම්කර වෙන්දේසිය අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 76 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site