IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බැඳුම්කර වෙන්දේසිය අලුත් වෙයි

(විනීතා එම් ගමගේ)

රජයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා බැඳුම්කර වෙන්දේසිය නව ක‍්‍රමයකට සිදු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඍජු දීමනා හෝ පෞද්ගලිකව බැඳුම්කර නිකුත් කිරීමක් සිදු නොවන බවත්  බැඳුම්කර නිකුත් කෙරෙන්නේ වෙන්දේසි ක‍්‍රමයට පමණක් බවත්  ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

නව ක‍්‍රමය අනුව සිදුවන පළමු බැඳුම්කර වෙන්දේසිය හෙට (27) සිදුවන බවද හෙතෙම පැවසීය.

දේශිය හා විදේශියව මේ සම්බන්ධ දැනුම ඇති ආචාර්ය, මහාචාර්යවරු, විදේශ උපදේශකයින් ඇතුළු පිරිස්වල උපදෙස් ලබාගෙන රජය මේ තීරණය ගත් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

ලබන වසරේ දී බැඳුම්කර වෙනුවෙන් රුපියල් බිලියන 957 ක් සෙවිය යුතුව ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා 1990 ගණන්වල සිට ලබාගත් කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් ගෙවීමට මෙම මුදල් අවශ්‍ය වනු ඇතැයි ද පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති නව බැඳුම්කර නිකුතුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (0)

බැඳුම්කර වෙන්දේසිය අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site