(ඩයනා උදයංගනී )
බන්ධනාගාරගත වන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයින් රැගෙනයාම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙඩි නොවදින ආරක්ෂක බස් රථයක් නිර්මාණය කර තිබේ.
මෙම බස් රථය නිර්මාණය කර ඇත්තේ කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරී ආර් ඩබ්ලිව් ඩබ්ලිව් යූ ඩී ඒ සම්ප්‍රයෝ මහතාගේ සංකල්පයක් අනුවය. බන්ධනාගාර භාවිතයේ තිබූ බස් රථයක් නවීකරණය කරමින් මෙම වෙඩි නොවදින බස් රථය නිර්මාණය කර ඇත.
මෙවැනි බස් රථයක් විදේශයකින් ආනයනය කළේ නම් රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය වන බවත්, මෙම බස් රථය නවීකරණය කිරීම සඳහා වැයවූයේ රුපියල් ලක්ෂ 7ක මුදලක් බවත් බන්ධනාගාර අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තියන්න බස් එක ඇතුලට ගිහිල්ලනේ.
අපේ රටට මෙවැනි විශාල මුදලක් ඉතිරි කරදී, මෙවැනි ආරක්‍ෂිත බසයක් නිපදවූ කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරීවරයාට උපහාර පිදිය යුතු වෙනවා. මෙම බසය මීට ටික දිනකට පෙර සේවයට ආවා නම් පාතාල කල්ලියේ "ලොක්කන්ට" නීතිය හමුවේ පිළිතුරු දෙන්නත් තිබුණා. කොහොම උනත් අපේ රටේ තවත් පාතාල "බොස්" ලා මේ බසයෙන්, උසාවියත් රජයේ බෝඩිමත් අතර ගමන් කරනවා නියතයි.
හිර ගෙදරකට එක ගානේ හදන්ඩ ඕනේ .
පිටරටින් හැම දේ ගෙන්වනකම් බලා නොඉඳ, ඉතා අගය කල යුතු ක්‍රියාවක්. මෙවැනි රථ අනිත් බන්ධනාගාර වලටත් සපයා දිය යුතුයි.
අනේ ඇයි මෙච්චර සල්ලි වියදම් කරන්නේ. සැකකරුවන් ඉන්න කෑල්ලට විතරක් ඇතුළුවෙන්න ලේසි පිටවෙන්න අමාරු දොරක් හැදුවනම් ඉස්සර පොලිසිය ආයුධ පෙන්නන්න එක්කන් ගියා වගේ බස් එකෙන්ම වැඩේ ඉවරයක් කරන්න පුළුවන්. බන්ධනාගාර නිලාදරින්ගේත් පන රැකල හිරේ තදබදයත් අඩු කරන්න පුළුවන්. හරියට ත්‍රී ඉන් වන් වගේ
සම්ප්‍රයෝ මහතාට මගේ ප්‍රණාමය. ඔබතුමාට බැරිද බස් එකක් විතර ලොකු ලස්සන කාර් ටිකක් හදල දෙන්න අපේ ලොක්කන්ගේ ප්‍රයෝජනයට. අපේ සල්ලිත් ඉතුරුයි, අර කට්ටියගේ අතිසෝබන මානසිකත්වයත් සනීප වෙයි.
රුපියල් ලක්ෂ 20කට වෙඩි නොවදින බස් එකක්. ටාටා ස්ටාර් බාගයක්වත් ගන්න බෑ ඒ ගානට. පොඩ්ඩක් බලලා අප්ඩේට් කලානම් හරි.
මේ කරන වැඩ නිසා ශ්‍රීලංකාව තුල අදායම් ඉතුරු වේ .එම නිසා අප සියුලු දෙනා මෙවන් වැඩ වලට සහයෝගය දිය යුතුය .ස්තුතියි ..
වැඩේ නම් නියමයි හැබැයි ටෙස්ට් කරලා බැලුවද ? වෙඩි වදින්නේ නැහැ කියල?
මේක විශාල ජයග්‍රහණයක්. අපිව මෙහෙම දේවල් වලට අධ්‍යාපනය ලබන කාලේ ඉඳලම යොමු කරන්න වෙනම පාඩම් හදල ලකුණු දීල කඩඉම් විභාග වලටත් එකතු කරල අපේ නිර්මාණශීලි හැකියාවයි උනන්දුවයි වැඩි කරන්න මොකක් හරි තිබුන නම් මටත් මෙහෙම වැඩක් මගේ රාජකාරියට අදාලව පොඩි දෙයක් හරි කරන්න දැනට වඩා දශමෙකින් හරි හැකියාවයි උවමනාවක් තියෙයි කියල මට හිතෙනවා.
මේ නිලධාරියාව අගය කරනවා. නිලධාරීන් යන කොටස විතරක් වෙඩි නොවදින විදිහට හැදුවනම් මුදල් තවත් ඉතුරුයි.
ලගදීම කවුරුහරි ටෙස්ට් කරයි