IMG-LOGO

‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය ගැන නීතිමය පියවර ගන්න’යි සංස්කෘතික කටයුතු ඇමැති පොලිස්පතිගෙන් ඉල්ලයි

( දිල්රුක්ෂි ග්‍රේරු)

බුදු දහමට නිග්‍රහ වන අන්දමින් ලියා ඇති ‘බුදුන්ගේ රස්තියාදුව‘ නම් කෘතිය සම්බන්ධයෙන්  නීතිමය පියවර ගන්නා ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ  මහතා  පොලිස්පති   පුජිත ජයසුන්දර මහතාගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.


බුදුන් වහන්සේට සහ බුදු දහමට අගෞරව වන පරිදි මෙම කෘතිය එළි දක්වා ඇති නිසා ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් කම්පාවට  හා චිත්ත පීඩාවට පත්ව සිටින බවත්  අමාත්‍යවරයා එම ලිපියෙන් දන්වා තිබේ.

එහි කර්තෘවරයා වන කේ.කේ. ඒ ශ්‍රීනාත් චතුරංග නැමැති  ලේඛකයාට , මුද්‍රණකරුවන්ට, ප්‍රකාශකයන්ට, බෙදාහරින්නන්ට සහ අලෙවි කරන්නන්ට දණ්ඩ නීතී සංග්‍රහයේ 290, 290 ඒ සහ 291-ඕ වගන්තිය යටතේ   සපරාධි වරදක් සිදු කර ඇති බවද එම ලිපියේ සඳහන්වේ.


එම නිසා එහි අනතර්ගත කරුණු සළකා බලමින් අදාල පාර්ශවයන්ට කඩිනමින් පරීක්ෂණයක් පවත්වා  නඩු පවරා දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස  අමාත්‍යවරයා එම ලිපියෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.


මෙම ලිපියේ පිටපත් ජනාධිපති සහ අගමැතිවරයාටද යොමු කර ඇතැයි අමාත්‍යංශය සඳහන් කළේය.

 



අදහස් (6)

‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය ගැන නීතිමය පියවර ගන්න’යි සංස්කෘතික කටයුතු ඇමැති පොලිස්පතිගෙන් ඉල්ලයි

ලුම්බිණි Tuesday, 21 August 2018 05:30 AM

මේ පොත නිසා ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් කම්පාවට හා චිත්ත පීඩාවට පත්ව සිටින බව හිතන්න අමාරු නේද? මීට වඩා බුදුන් වහන්සේට සහ බුදු දහමට අගෞරව වන පරිදි කටයුතු කරන සහ හැසිරෙන අය කොපමණ ඉන්නවද? ඒ අය ගැනත් නීතිමය පියවර ගන්න බලන්න.

:       29       4

Dusara Tuesday, 21 August 2018 05:50 AM

යන්තන්වත් ඔබලාගේ ඇස් ඇරීම පිළිබද අපගේ ප්‍රසාදය

:       0       43

Sajith Tuesday, 21 August 2018 07:03 AM

ඔබතුමාට බොහොම පින් ඒ ගැන බැලුවට.

:       0       61

Bamunuarachchi Tuesday, 21 August 2018 08:14 AM

සිංහල බෞද්ධයාට බුදුදහමට එළිපිට අවමන් කරන්න පටන් ගත්තේ යහපාලකයෝ පැමිණියාට පසුවයි. නගරාධිපති කාර්යාලයේ තිබුණ බුදුරුව ඉවත් කළා. ඔහොමයන් අපි පාරට බැස්ස දවසට වෙනදේ ගැනත් සිතන්න

:       4       266

කපිල Tuesday, 21 August 2018 10:55 AM

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතේ මේක ලියපු, මුද්‍රණය කරපු සියලු දෙනා නිදහස් වෙනවා. ඔන්න ලංකාවේ නීතිය

:       0       0

nirupa ediriweera Tuesday, 21 August 2018 11:31 AM

අනිවාර්යෙන්ම හොදම දඩුවමක් දෙන්න

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site