(අංජුල මහික වීරරත්න)
පොහොර සහනාධාරය පෙර පරිදිම යළි ගොවින් වෙත දීමට රජය තීරණය කර තිබේ.
රජය මේ තීරණය ගත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ජාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් අනුවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ යෝජනාව ඉදිරිපත් කළේය.
රජය ගෙන තිබෙන තීරණයට අනුව පොහොර සහනාධාරයපෙර පරිදිම ක්‍රියත්මක කෙරෙන අතර වී ගොවීන්ට රුපියල් 500 ක්ද අනෙකුත් අතුරු බෝග වගාකරුවන්ට රුපියල් 1200ක්ද වටිනාකමැති පොහොර සහනාධාරය හිමි වේ.
ජාතික රජය බලයට පත්වීමෙන් පසුව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යංශය කළ ඒකාබද්ධ යෝජනාව අනුව පොහොර සහනාධාරයට හිමි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට තීරණය කෙරිණි.
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මින් ඉදිරියට සහනාධාරය පොහොර වශයෙන්ම ගොවීන්ට ලැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රසායනික පොහොර වල සංයුතිය පිළිබඳව සොයා බැලිය යුතුයි. මේවාගේ අඩංගු බැර ලෝහ නිසා වකුගඩු අක්‍රිය වීම, පිළිකා සැදීමට අමතරව ශ්‍රී ලංකික ජනතාවගේ දරු ඵල හැකියාව ඉතා ශීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. බොරුවට වඳ පෙති ගැන පවසමින් ජාතිවාදය අවුස්සනවට වඩා මේ ගැන සොයා බැලීමයි කල යුත්තේ.
ගොඩක් හොඳය. මේවා නවත්තලා වයි ෆයි, ලැප්ටොප්, හොට්ස්පොට් දෙන්න ගිය එකේ විපාක තමයි මේ ගෙවන්නේ . උදුලු තල ටිකකුත් දෙන්න.
වැඩ බැරි අාණ්ඩුව අවුරැදු දෙකක් අලුත් ක්‍රමයකට පොහොර දෙන්න බඩ ගාලා වගාවන් නැට්ට බැහැල අායිත් මහින්දගෙ පරන ක්‍රමයට යනවා.
මේ යෝජනාව නිවාස ඇමතිතුමා ලව්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙව්වේ කෘෂිකර්ම ඇමතිතුමාට ලැජ්ජා නිසා වෙන්ටෑ.
පොහොර සහනාධාරය පෙර පරිදිම යළි ගොවින් වෙත දීමට රජය යළි තීරණය කර තිබීම කාලෝචිත පියවරකි. මේ දෙස වපර ඇසින් නොබලා රටේ යහපතට අදහස් ඉදිරිපත් කිරීම ඉතා වැදගත්.
පොහොර සහනාධාරය පෙර පරිදිම ගොවීන්ට නොලැබේ
මේක ගොවි ජනතාවගේ ජයග්‍රහණයක්...
මොන ගොවි මහත්මයද පොහොර වෙනුවට මුදල් ඉල්ලුවේ. මොන අම්ම තාත්තද පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ඉල්ලුවේ. මොන පාසල් දරුවාද ටැබ් ඉල්ලුවේ. තමන්ට හිතෙන හිතෙන දේවල් එක එක ඇමතිවරු කරලා ජනතාව අපහසුවට පත් කළා . ඒවායේ ප්‍රතිපල තමයි පෙබරවාරි 10 වෙනිදා මේ රජයට ලැබුනේ.
විවිධ ආයතනවලින් දැන් මිශ්‍ර හා අමිශ්‍ර පොහොරවලට රසායනික සංයුතිය නිසි පරිදි පරීක්ෂක කරන්නේ නැහැ. ඒ සඳහා අනුමත නීති පැවතියත් වගකිව යුතු නිලධාරීන් එය නිසි පරිදි ඉටු කරන්නේ නැහැ. මා එම ක්ෂේත්‍රයේ වැඩ කළ අයෙක්. චීනයෙන් ගෙන්වන රසායනික පොහොරවල බර ලෝහ වැඩියි. නමුත් සාපේක්ෂව ලබාදිය හැකියි. ගෙන්වන පොහොර සාම්පල් පරීක්ෂාවේදීත් මේවා පාස් වෙනවා. පොහොර මිශ්‍රණ හදලා කාලයක් තියා ගත්තාම එහි රසායකින සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. මේවා ගැන නිවැරැදිව සොයාබලා නීතිය ක්‍රියාත්මක කරනවා නම් පසත්, ගොවියත්, මහ ජනතාවත් අමාරුවේ වැටෙන්නේ නැහැ.
ගොඩක් හොඳයි. ගොවියාට අවශ්‍ය පොහොර මිස මුදල් නොවේ...