පාසල් යන වයසේ දරුවන් පාසල් නොයවා නිවසේ රඳවාගෙන සිටියහොත් එම මව්පියන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
1 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමටද එහිදී පියවර ගැනීමට නියමිතය.
අධ්‍යාපන අයිතිය දරුවන්ට අහිමි කරමින් දරුවන් නිවසේ තබාගෙන සිටින මව්පියන් සිටී නම් ඒ පිළිබඳව සොයා බලා නඩු පැවරීම සඳහා රජයට අයිතියක් ඇති බවද සඳහන් කළ අමාත්‍යවරිය මේ සම්බන්ධ අදාල කටයුතු කඩිනමන් ක්‍රියාත්මක කරන බවද පැවසුවාය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අයිතිය දරුවන්ට අහිමි කරන දෙමවුපියන්ට වගේම, නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කරලා දාල තියෙන බලධාරීන්ටත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ.
දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ කමක් නෑ දැන් හරි රටේ අනාගතේ බාරගන්න ඉන්න දරු පැටවූ ගේ අනාගතය ගැන හිතලා කටයුතු කිරීම ගැන ඔබ තුමියට ස්තුතිවන්න වෙනවා ලාංකිකයෙක් විදිහට.
නීති හැදුවට දුප්පත් පවුල් වල එදා වෙලා කන්න නැතුව ජීවත් වෙන්න කුලී වැඩ කරන දුප්පත් දෙමාපියන්ට රජයෙන් දීලා තියෙන සහන මොනවාද? කන්න බොන්න සහන නොව, එවැනි පවුල් වල දරුවන් ගේ අධ්‍යායාපනය සඳහා ශිෂ්‍යත්ව? කරන්න ඕන දේවල් නොකර ගැලරියට කතා පවත්වන්න එපා මන්ත්‍රී තුමිය.
ආසාවට නෙමේ ගෙදර තියන් ඉන්නේ හොදේ නැති බැරි කමටයි. එදා වෙලා දෙන්න විදිහක් නෑ. අදින්න ඇදුමක් නෑ. පාසලේ වැසිකිලියක් නෑ. එක්කෝ තෙමෙනවා පන්ති කාමර නෑ ගුරුවරු නෑ. දහස් ගණන් දුර පයින් යන්න ඕනි. එහෙන් අලි ප්‍රශ්න .කතාවට ගියාමනම් රෙදි දෙනවා උපකරණ දෙනවා කියනවා ලැබුන කෙනෙක් නෑ සේරම ලොකු ලොකු පාසල් වලට. පීනුම් තටාක වගේ දේවල්
ආසාවට තියන් ඉන්නවා නෙවෙයි.... නැතිබැරි තමට කරන්න දෙයක් නැති නිසා ....අනික පාසල්වල මුදල්එකතු කිරීම නවත්වන්න.... දෙමාපියන්ටයි ළමයින්ටයි අධ්‍යාපනය එපා කිරන්නේ ගුරුවරු සහ විදුහල්පතිවරු අතලොස්සක්........
ඇමතිතුමිය කොහොමත් කියවනවා විතරයි. වැඩ නැත පසුගිය දිනක මා අන්තර්ජාලයෙන් දුටුවා. රේගුවෙන් අත්අඩංගුවට ගත් පැන්සල් පෙට්ටි ආදී පාසල් උපකරණ ගල් රෝලක් දමා තලනවා. මේවා නැති බැරි ළමයින්ට දුන්නනම් කොච්චර හොඳයි. මෝඩ පාලකයන්ට ඕවා තේරෙන්නේ නැත ඔවුන්ගේ සුඛ විහරණය පමණක් සාදා ගැනීමට උත්සාහ කරයි. අපි මෙම තත්ත්වය වෙනස් කරමින් මහත්මා දේශපානයක් පාර්ලමේන්තුවට යවමු නේද ???
ගණිතය අසමත් සිසුන් බොහෝ පිරිසක් ගෙදර, දරු මාපියන් සුසුම් හෙලනවා .මේ වෙනුවෙන් පිලියමක් යොදනවානම් ඉතාමත් කාලෝචිතයි ගැහැණු දරුවන් කෙසේ වෙතත් පිරිමි දරුවෙකු නිවාස තුළ රදවා ගැනීමට අපහසු මෙන්ම නොමගට යාමේ ප්‍රවීනත්වය ඉතාමත්ම ඉහළයි විශේෂ අවදානයක් මෙයට යොමු කරන්න.
අද ජාතික පාසලුත් හරියට ජාත්‍යන්තර පාසල්වලට දෙවෙනි නැත. අරවට මේවට කිය කියා කරන සල්ලි එකතු කෙරිල්ල අඩුකරන්න. මේවත් මානසිකව බලපානවා නැති බැරි කම නිසාවෙන්.
ඔබතුමියගේ රත්නපුර දිස්ත්‍රිකකය අධ්‍යාපනයෙන් ඉතාම පහ< තැනක තියෙන්නෙ. මේ දිස්ත්‍රිකකයට අධ්‍යාපනයෙන් ඉහ< තැන්වල සිටින මාතර. කෑගල්ල හා කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් විශාල ලෙස එනවා.අපිට ගමේ පාසැලත් නැහැ.ඉතින් ගෙදර රඳවා නොගෙන මොනවා කරන්නද
ඔබතුමියගේ රත්නපුර දිස්ත්‍රික්කය අධ්‍යාපනයෙන් ඉතාම පහල තැනක තියෙන්නෙ. මේ දිස්ත්‍රික්කයට අධ්‍යාපනයෙන් ඉහල තැන්වල සිටින මාතර, කෑගල්ල හා කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් විශාල ලෙස එනවා. අපිට ගමේ පාසැලත් නැහැ. ඉතින් ගෙදර රඳවා නොගෙන මොනවා කරන්නද
අපේ බොහෝ ඇමතිලා හිතාගෙන ඉන්නේ රටේ හැම පාසලකටම කොළඹ පාසල් මෙන් පහසුකම් තියෙනවා කියලයි.
ළමයින්ගේ ඉගෙනීමේ අයිතිය නැති කරලා දාලා තියෙන්නෙත් දැන් කිඹුල් කදුලු හෙලන අයම තමා කියලා මතක තියා ගත්තානම් ගොඩක් වටිනවා.