(බැග්ඩෑඩ්හිදී ය (ඒ.එෆ්.පී)
සිරියාවේ බගූස්හිදී තම සහෝදරයන් මරුමුවට පත්වීමට පලිගැනීමක් ලෙස පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බව අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩී වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
අයි.එස්. නායකයා මෙසේ වීඩියෝ පටයක් ඔස්සේ ප්‍රසිද්ධියේ පෙනි සිටියේ වසර පහකට පසුවය.
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන ත්‍රිත්වයකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 253 දෙනකු මියගොස් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවේදී අයි.එස්. නායකයා කැමරාව ඉදිරියේ පෙනී සිටින්නේ නැතැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.
අයි.එස්. සංවිධානය බටහිර රටවලට එල්ල කරන ප්‍රහාර එම සංවිධානයේ දීර්ඝකාලීන යුද්ධයක් කොටසක් පමණක් බවත් ගැටුම්වලදී මියගිය තම සාමාජිකයන් වෙනුවෙන් දිගින් දිගටම පලිගැනීම් සිදු කරන බවත් අබු බකර් අල් බැග්ඩෑඩී පවසා ඇත.
ලෝකයට වඩාත්ම අවශ්‍යකර සිටි පුද්ගලයා වූ අයි.එස්.අයි.එස්. නායක අල් බැග්ඩෑඩී අවසන්වරට දක්නට ලැබුණේ 2014 වසරේදීය. අයි.එස්. සංවිධානයේ ඉස්ලාමීය රාජ්‍යය (කලිෆාව) නිවේදනය කරන ලද අවස්ථාවේදී ය. ඔහු කලිෆාව නිවේදනය කරන ලද්දේ ඉරාකයේ මොසුල් නුවර පිහිටි අල් නූරි පල්ලියේ සිටය.
වීඩියෝ පටය මුදා හරින ලද්දේ අයි.එස්. සංවිධානයේ අල් ෆුර්කාන් නමැති මාධ්‍ය අංශය මගිනි. අයි.එස්. නායකයා සිය කතාවේදී මාස ගණනක් මුළුල්ලේ සිරියාවේ බගූස්හි පැවැති සටන් සම්බන්ධයෙන්ද සඳහනක් කර ඇත. බගූස් යනු අයි.එස් සංවිධානයේ අවසන් පාලන ප්‍රදේශයයි. අයි.එස්. සංවිධානයට පරාජය අත් කර දෙමින් එහි පැවැති සටන් ඉකුත් මාර්තු මාසයේදී නිමාවට පත්විය.
“බගූස් හි පැවැති සටන් අවසන්” අයි.එස්. නායකයා පැවැසීය. වීඩියෝ පටයට අනුව ඔහු මෙට්ටයක් උඩ වාඩි වී සිටින අතර ඔහු තවත් පුද්ගලයන් තිදෙනකු අමතා කතා කර ඇත. එම පුද්ගලයන් තිදෙනාගේ මුහුණු පැහැදිලිව නොපෙනේ.
අයි.එස්. සංවිධානය ලැබූ පරාජ පිළිබඳව ද අයි.එස්. නායකයා මෙහිදි අදහස් දැක්වීය. එහිදි ඔහු ඉරාකයේ මොසුල් සහ ලිබියාවේ සිර්ත් යන නගර ගැන ද සඳහන් කළේය. අයි.එස්. සංවිධානය ප්‍රකාශයට පත් කළ කලිෆාවේ ඉරාකයේ අගනුවර ලෙස නම් කර තිබුණේ මොසුල් නුවරයි.
“දෙවියන් වහන්සේ ‘ජිහාද්’ යුද්ධය කරන්නැයි නියෝග කළා. එහෙත් ජයග්‍රහණය කරන්නැයි ඔහු අපට නියෝග කළේ නැහැ” යැයි අල් බැග්ඩෑඩී පැවැසීය.
“මේ සටනෙන් පසු තවත් බොහෝ ප්‍රහාර එල්ල වේවි. තවත් බොහෝ දේ සිදුවේවි” යැයි ද ඔහු කීය.
ඇමෙරිකා එක්සත් ජනපද රජය බැග්ඩෑඩීගේ හිසට ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක ත්‍යාග මුදලක් ලබාදෙන බවද නිවේදනය කර තිබිණි. වීඩියෝ පටයේ සත්‍යතාව තහවුරු කරගැනීම මේ වනවිටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් එම අන්තවාදී සංවිධානයට එරෙහිව කරන සටන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඇමෙරිකාව අවධාරණ කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාස්කු දා ප්‍රහාරය පළිගැනීමක් බව අයි එස් නායකයා කියයි
චමින්ද Tuesday, 30 April 2019 12:14 PM
දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදුවූ විනාශය දුටු ලෝක නායකයින් නැවත යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගත්හ. එම ලෝක යුද්ධ දෙකටම වඩා දරුණු යුද්ධයක් මෙම අයි එස් ත්‍රස්තයන් නිසා නුදුරේදීම සිදුවිය හැකිය. හැකි කෙනෙක් මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට යොමු කරත්වා