(ඔගස්ටින් ප්‍රනාන්දු/ ජුඩ් සමන්ත)
මැටි ප්‍රවාහනය කරන ලොරියකින් රුපියල් 100 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් සහායකවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අද(21) දංකොටුව - පන්නල මාර්ගයේ පිහිටි සිංගක්කුලිය පොලිස් මාර්ග බාධකයේදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇති අතර උළු ප්‍රවාහනය කරන ලොරි වලින් මෙම මාර්ග බාධකයේ සේවය කරන පොලිස් නිලධාරීන් රුපියල් 100 ක අල්ලස් ලබා ගැනීම සිරිතක්ව පවතින බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂිහ්!හිඟන පගාවක්නේ!ඉස්සර පොලිකාරයෝ සත පනහත් ගත්තා කියලා කියනවනේ!. පගා ගැහුවත් නම්බු කාර ගානක් ගහන විදිහ ගැන මේ රාලහාමිලාට පුහුණුවක් දීම සුදුසුයි!
හිඟන පගා ගැහිල්ලක්නේ හලෝ. සමහර අය දැන් හිගන්නෝට දෙන්නෙත් රුපියල් සියයක්.
නිකන් හිගන්නොන්ට දෙන රුපියල් 100 ට නේ මෙයාලා කාකි කොට්ට්එක ගලවාගෙන තිබෙන්නේ. පවු අප්පා.