තරිඳු ජයවර්ධන
පොලිස්පතිවරයා විසින් දෙවැනි වරටත් වැඩ තහනම් කරනු ලැබූ කල්මුණේ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් සේවයේ පිහිටුවීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සහකාර පොලිස් අධිකාරී සහ ඉන් ඉහළ නිලධාරීන්ගේ පරම විනය බලධාරියා වන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාව බවත්, පොලිස්පතිවරයා ප්‍රියදර්ශන හේරත් මහතාගේ වැඩ තහනම් කර ඇත්තේ කොමිසමේ ආවරණ අනුමැතියකින් පවා තොරව බවත්, එය සහ තවත් කරුණු සලකා බලා පොලිස් අධිකාරීවරයා යළි සේවයේ පිහිටුවීමට තීරණය කළ බවත් එම නිලධාරියා පැවසීය.
හේරත් මහතා නුගේගොඩ කොට්ඨාසයේ සේවය කරමින් සිටිය දී කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 2017 පෙබරවාරි මස 17 වැනි දා මුල් වරට වැඩ තහනම් කරනු ලැබීය. ඉන් පසු 2018 ජනවාරි මාසයේ දී ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගයකට අනුව පසුගිය මැයි මාසයේ ඒ මහතා සේවයේ පිහිටවනු ලැබූ අතර ඉන් දින 20කට පසු යළිත් වරක් ඔහුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
පොලිස් අධිකාරීවරයා 2009 වසරේ දී අනුරාධපුර වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කරමින් සිටි සමයේ සිදුවීමක් සම්බන්ධයෙන් 2017 දෙසැම්බර් මාසයේ මහාධිකරණයේ නඩු පැවරීමේ සිද්ධියක් නිසා පොලිස්පතිවරයා දෙවැනි වර වැඩ තහනම සිදු කර ඇතැයි ද, ඊට අදාලව විමර්ශන අවසන් කර ඇත්තේ 2012 වසෙර්යැයි ද, එම චෝදනාවන්ට හේරත් මහතාට 2016 දී අවවාද පත්‍රයක් නිකුත් කර ඇතැයි ද උසස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් අධිකාරීවරයා නැවත සේවයේ පිහිටුවීමට කොමිසම ගත් තීරණය නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ටත්, පොලිස්පතිටත් දැනුම් දෙන බව ද කොමිසම කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොලිස්පති නියෝගය විසිකර පොලිස් අධිකාරී සේවයේ පිහිටුවන්න නියෝග
Thilina Wednesday, 20 June 2018 06:15 PM
පොලිස් දෙපාර්තමේන්තුවේ බලධාරියා විසින් සිය අභිමතානුසාරී බලය යොදා නීතිය සම්පුර්ණයෙන්ම නමා මතු නොව දෙපා යුගලේ ආධාරයෙන් ද පාගා දමා කීතු කීතු කළ " සාධාරණය " සර්ව බලධාරී මණ්ඩලය විසින් ඉහලටම ඔසවා තබන්නට ක්‍රියා කිරීම ඉතාමත් විශිෂ්ඨයි.....
Chanak Los angeles Wednesday, 20 June 2018 07:04 PM
එතකොට කොමිසම කියන්නේ ඕනෑම නීතිවිරෝධී වැඩක් කරපන් අපි ඉන්නවා නුඹලා වෙනුවෙන් කියන එකනේද ?මේවා සමාජයට දෙන වැරදි පුර්වාදර්ශ නොවේද ?පොලිස් කොමිසමට නියෝග දෙන්න පුළුවන් වන්නේ පොලිස්පතිගෙන් පහළ නිල වලට පමණයි. පොලිස්පති පෙන්වා දෙන්නේ රාජකාරී වාර්තාවේ කළුපැල්ලම් ඇති නිලධාරීන්ට උසස්වීම් දීම උචිත නැහැ කියලයි .
ලලිත් Thursday, 21 June 2018 12:39 AM
මේ වගේ පොලිස්පතිවරයෙක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ .