(නිරංගි අබේවික්‍රම)

විමර්ශනයක් සදහා අත්අඩංගුවට ගත් සැකකරුවකු අත්අඩංගුවේ සිටියදී මියයෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනා ලබන 13 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ්   කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (06) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව  හදුනාගැනීමේ පෙරට්ටුවක්   පැවැත්වූ අතර, එහිදී පළමු සාක්ෂිකාරිය වූ මියගිය පුද්ගලයාගේ බිරිය  පළමු සැකකරු හැර අනෙක් සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකු හඳුනාගත්තාය.   පළමු සැකකරු වූ පෑලියගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා අද හදුනා ගැනීමේ පෙරට්ටුව සදහා සහභාගී නොකළේය.