(අධිකාරි මුදියන්සේ )
රාජකාරි අවශ්‍යතා සඳහා පිටත්ව යාම සඳහා මගීහූ රැසක් අද (01) උදෑසන පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ.
පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු තුනක් විවෘත කර තිබූ අතර එයින් ජූනි මාසයට අදාල වාර නිකුත් කිරීම ද සිදු කෙරිණි.
දුම්රියෙන් ගමන් ගන්නා සියලුම මගීන්ගේ උෂ්ණත්ව පරීක්ෂාව හා යුද හමුදා නිලධාරීන් විසින් සියලුම ප්‍රවේශපත් පරික්ෂා කරන ආකාරය ද දක්නට ලැබුණි.
පොල්ගහවෙලින් එක් දුම්රියක් හා මහව ,රඹුක්කන කුරුණෑගල, මහනුවර සිට පැමිණි දුම්රිය දුම්රියන් හතරක් පොල්ගහවෙල දුම්රිය ස්ථානය නැවැත්වීම කටයුතු යොදා තිබුණි.





COMMENTS
මේ වෙලාවේ කරන්න ඕන අඩුවෙන් දුම්රිය ධාවනය නොවේ... තව කොච්චි ටිකක් වැඩි කරලා හැමෝටම යන්න පුළුවන් විදියට පරණ කාල සටහනට ගැලපෙන්න දුවන එකයි. නැතිව මෙය ට්‍රින් තුන හතරක් දුවලා මේ එන මිනිස්සු ඔක්කොම යන්නේ කොහොමද? දැන් ගොඩක් කාර්යාල ඇරලා නිසා මිනිස්සුන්ට යන්න විදියක් නැහැ...
කොරෝනා නීති නිසා අපට ජීවත් වෙන්න රැකියාවක් කරන්න කෝච්චියක යන්න නැහැ. නමුත් තොණ්ඩමන්ලාට කරගහගෙන දවස් 6ක් රටවටේ රජයේ වියදමින් හෙලිකොප්ටර් අරගෙන කරක් ගහන්න පුළුවන්... මිනිස්සු සිය ගණනක් පිරිවරාගෙන, අගමැති, අගමැති ආරක්ෂා අංශ නිලධාරීන් ඇතුළු සියලු දෙනාම පෙරටු කරගෙන අදහන උත්සව මේ නාඩගම් වලට සහභාගි වෙනවා. නීතිය නම් හැමෝටම එකක් විය යුතුයි... අපිට තව දුරටත් කරදර නොකර අපේ පාඩුවේ රස්සාවක් කරගෙන ජීවත් වෙන්න ඉඩ දෙන්න.. නැතිනම් අපි ලබන ඡන්දෙදී 2015දී උගන්වපු පාඩම නැවත උගන්වලා සියලු දෙනාම මැදමුලනට එලවලා දමනවා...