( තිළිණි ද සිල්වා )
දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 365ක් දක්වා වැඩි කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332ක් පවතින අතර 2020 වසරින් පසු එම කොට්ඨාශ සංඛ්‍යාව 365ක් දක්වා ඉහළ නැංවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව නුවරඑළිය, ගාල්ල, මහනුවර, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අලුතින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් එකතු වන බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේය.
දිවයින පුරා පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332කට අදාළව නව ගොඩනැගිලි ඉදිකිරීම මේ වන විට සිදුකෙරෙන අතර එම කටයුතු ද 2020 වසර වන විට අවසන් කරන බවද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කීය.
COMMENTS
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 365ක් දක්වා වැඩි කිරීමත් සමගම මන්ත්‍රී සංඛ්‍යාව 1000 දක්වාද, පාර්ලිමේන්තු ආසන ගණන 700 දක්වාද , පළාත් සභා ගණන 480 දක්වාද පළාත් සභා මන්ත්‍රී ගණන 12000 දක්වාද වැඩි කලේ නැත්නම් ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න අමාරුයි නේ.
දැනට තියන ඒවායින් මහා ජනයාට හරි හැටි සේවයක් වෙනවද? මහජනයා කොපමණ රස්තියාදු වෙනවද? ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ක්‍රමවේදය පිහිටුවන්න මුලිකවූ අරමුණු හරි හැටි සිදුවෙනවද කියල හොයල බලලා පමණක් අලුතින් ප්‍රා.ලේ .කෝ. පිහිටුවන්න.