IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රවාහන වෘත්තීය සමිති අනතුරු අඟවයි

බිඟුන් මේනක ගමගේ
 
ඉල්ලීම් ඉටු කිරීමට ඇමැතිවරයා ලබාගත් කාලයේ දී වෘත්තිය සමිති රැවටීමට කටයුතු කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.


සේවක වැටුප් තල ඉහළ දැමීම, ආවරණ අනුචිත අනියම් කොන්ත්‍රාත් පදනම් යටතේ සේවය කරන සේවකයන් ස්ථිර කිරීම ඇතුළු වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් පසුගිය 31 වැනි දා පැවැති සාකච්ඡාවේදී ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ඉල්ලීම් ලබාදීමට එකඟ වුවද එහි යම් මන්දගාමීත්වයක් දක්නට ඇතැයි ඔවුහු පවසති.


දැනට වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට පිවිසී සිටින සේවකයින්ට කිසිදු අයුරකින් කිසිදු ඳඬුවමක් ලබානොදන බවටද ඇමැතිවරයා පොරොන්දු වී යැයි ද එහි සඳහන් වේ.


එම පොරොන්දු සියල්ල මේ වනවිටත් සියලුම ඩිපෝ සහ වෘත්තීය සමිතිවලට ලිඛිතව ලබාදුන්නේ යැයි ද බලධාරීන් ඊට අනුව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයිද සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අවධාරණය කරයි.


මෙම ලිපියෙහි පිටපත් ජනාධිපතිවරයාට හා ප්‍රවාහන ඇමැතිවරයාට යොමු කර ඇත.



අදහස් (1)

ප්‍රවාහන වෘත්තීය සමිති අනතුරු අඟවයි

Bamunuarachchi Tuesday, 04 September 2018 03:22 PM

හෙට සෙනග ඇදලා දීලා ඕන දෙයක් කරගන්න අපිට කමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site