සුජිත් හේවජුලිගේ
මන්ත්‍රීවරුන් ඡන්දය පාවිචිච් කිරීමට යොදා ගන්නා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ හටගත් දෝශයකට හේතුව සොයා ගැනීමට එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය සවි කළ සමාගමේ නිලධාරියාට තවමත් හැකි වී නැතැයි පාර්ලිමේන්තු උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
එම සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් ඉලෙක්ට්‍රොනික පද්ධතියට අදාළ පරිගණක මෘදුකාංග පරීක්ෂාවට ලක් කළ බව එම නිලධාරියා කීය.
ඉලෙක්ට්‍රොනික පද්ධතියේ ගැටලුව ඇතිවූයේ මංගල සමරවීර හා එස් බී දිසානායාක ඇමතිවරුන්ගේ ඡන්දය ගැනීමට ගිය අවස්ථාවේදීය. පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ ඇතිවූ මෙම ගැටලුව නිසා දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිවීය.
COMMENTS
8 පාස් නැති අය මේකට යන්නෙ ඒ වුනාට ඉලෙක්ට්‍රොනික් ගේම් ගහන්නෙ
නැහැ නැහැ හොරු ටික ,අට පාස් අයත් එක්ක එකතුවෙලා සුදුසුකම් හා දත්ත වෙනස් කරන්න ගිහිල්ල. කොම්පියුටරේ මොලේ ( harddrive ) පිස්සු වට්ටවලා. ඕවා විශේසඥයින්ට කරන්න පුළුවන් දේවල් නොවේ. රටේ හොරුන්ට කරන්න පුළුවන් දේවල්.
ඕක හයිකරද්දීම කිව්වා නේද? ජිල්මාට් දාන්න කැඩුවද? නැතිනම් ජිල්මාට් බකල් කරන්න කැඩුවද? රටේ ජනතාවගේ නියෝජිතයෝ ඡන්දෙ දෙනෙකට මොනවට කොම්පැනියක් ගාවගත්තද? සමහර වෙලාවට දුරස්ථව පාලනය කරන පරිගනකයක්වත්ද?