(ආරියරත්න රණබාහු)
විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා අද (8) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
වෙනම මන්ත්‍රීවරුන් ලෙස මීට පෙර කිසිවකු නොසිටි බවත් මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් පක්ෂ 6ක් පමණක් පිළිගෙන ඇති බවත් කථානායකවරයා කීවේය.
ඒ සමගම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීම නිසා සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීමත් සමග පාර්ලිමේන්තුව විනාඩි 10කින් කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලයි...
එක අන්තිම පක්ෂග්‍රාහී තීරණයක්.... පාර්ලිමේන්තුවේත් ප්‍රජාතන්ත්‍රවාදය දැන් නැති වෙලා
එතකොට රතන හිමි කොහොමද ස්වාධීන උනේ?
එතකොට කරු මහත්තය දෑත් ශක්තිමත් කරන්න කියල එජාපෙන් පැනල ආපහු බල්ටි ගැහුවේ කොහොමද ?