(ඩයනා උදයංගනී)
සක්‍රීය බැරකම් කළමනාකරණය පිළිබඳ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේදී ඊට අදාළ ඡන්ද විමසීමේදී ඇතිවූ විරෝධතාවක් හේතුවෙන් කල් තැබු පාර්ලිමේන්තුව විනාඩි 25 කට පසු යළි රැස් විය.
ඡන්ද විමසීම අතරතුර ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඡන්දය සභාවේ නොසිටි අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ නමින් සදහන් වීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට විරෝධය දැක්වීමෙන් පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමට සිදු විය.
ඒ සම්බන්ධ තීරණයක් ගැනීමට පක්ෂ රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව එම ඡන්ද විමසීම අවලංගු කර යළි ඡන්ද විමසීම සිදුකරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස් විය. නැවත ඡන්ද විමසීම නව යන්ත්‍ර භාවිත නොකර පැරණි ක්‍රමයට සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර දේශපාලුවන් පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දුටුවම හිතෙනවා අප්පා මේ කට්ටිය අතරේ ගල් වැද්දොත් ඉන්නවද කියලා.