බිඟුන් මේනක ගමගේ
මෙරට පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීමට රුසියානු රජයේ සහය ලබා ගන්නා බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර සාමකාමී කටයුතු සඳහා පරමාණු බල ශක්තිය උපයෝගී කර ගැනීම සඳහා වන සහයෝගිතා ගිවිසුමකට ඉදිරියේදී එළඹීමට නියමිත බවත් ඒ අනුව දෙරටේ නියෝජිතවරුන් මේ සඳහා වන මුලික එකඟතා වලට එළඹි ඇති බවත් ඇමැතිවරයා පවසයි.
තීරණ ගැනීමේදී අවශ්‍ය තාක්ෂණික සහය සහ යටිතල පහසුකම් සැපයීම හා පරමාණු බලශක්තිය භාවිතයෙන් විදුලිය නිපද වීම සඳහා වන මුලික පහසුකම් සැපයීමේදී සාමුහිකව වැඩකිරිම ගැන එම එකඟතාවයේදී මූලික අවධානයක් දී ඇති බව ද නිරෝෂන් පෙරේරා ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 21
186
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1140
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පරමාණු බලශක්තියට රුසියානු සහාය
sathyapala Monday, 08 October 2018 05:28 AM
පරමාණු බලශක්තිය වගේ ක්‍රම ක්‍රමයෙන් ලෝකයෙන් තුරන් වෙලා යන අන්තරාකාරී හා අවදානම් බලශක්ති ප්‍රභේදයකට යොමු වෙනවාට වැඩිය සුර්ය බලය සුලන් හෝ මුහුදු රල වැනි සුනිත බලශක්ති ප්‍රභේදයක් වෙත යොමු වීම ඉතා වැදගත් කරුණක්.
ase Monday, 08 October 2018 05:41 AM
ඉර පායන, ජලය ගලන ගංගා, සුළඟ ඇති වෙරල තිරයක් ඇති අපේ කුඩා රටට මොටද පරමාණු බලය.
Daminda Monday, 08 October 2018 07:08 AM
පරමාණු බලශක්තිය සම්බන්ද දැනුම අවශ්‍ය වෙන්නේ පරමාණු බලශක්තිය නිපදවන්නම නෙමේ, සියලු රෝහල් වල විකිරණශීලි උපකරණ එක්ස් - රේ වගේ යන්ත්‍ර නිතිපතා තත්ත්ව පරික්ෂාව, රටට ගෙන්වන සියලු විකිරණශීලි අමුද්‍රව්‍ය සහ උපකරණ පරික්ෂාව ගෙන්වීමට අනුමැතිය දීම සහ රටේ විවිධ ප්‍රදේශවල විකිරණශිලිතාවය මැනීම ඇතුළු අපට නොපෙනෙන සේවාවන් රැසක් පරමාණු බලශක්ති අධිකාරිය මගින් වෙනවා, අපට ඒ සදහා ලොව දියුණු රටවලින් දැනුම සහ තාක්ෂණය , යාවත්කාලින වීම් අවශ්‍යමයි.
sathyapalaMonday, 08 October 2018 07:47 AM
නමුත් මෙම ගිවිසුමේ අරමුණ වන්නේ විදුලිය නිපදවීම සදහා පරමාණු බල ශක්තිය උපයෝගිකර ගැනීම බව සදහන් වේ.
nishantha Monday, 08 October 2018 08:05 AM
සත්‍යපාල නම් පාසල් නොගිය අය පිරි රටකට මොන පරමාණු ශක්තිද ? ඔන්න ඔහේ ගල් අඟුරු ඩිසල් වලින්ම යැපෙමු.