බිඟුන් මේනක ගමගේ
ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවා ඇතැයි රාජ්‍ය සේවා කොමිසම පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ ඉල්ලීමක් පරිදි රාජ්‍ය සේවා කොමිසම මේ තීරණය ඇත.
ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු 46ක් සීමිත ප්‍රවාහය ඔස්සේ සම්පූර්ණ කිරීම සදහා පසුගිය වසරේ ඔක්තෝබර් 8 හා 14 යන දෙදින මීට අදාළ ලිඛිත පරීක්ෂණය පැවැත්වුණු අතර එයින් ඉහළම ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුවක් පසුගිය ජූලි 6 වැනිදා රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එකී අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරිණි.
ඉන්පසුව මෙම ලිඛිත පරීක්ෂණ ප්‍රතිපල සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු පැමිණිලි මත අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ ගැන රාජ්‍ය සේවා කොමිසමට දන්වා තිබිණි.
මේ අතර අදාළ ලිඛිත පරීක්ෂණයෙන් සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන් පිරිසක් මෙසේ විමර්ශනයක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නැතැයි ද එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලය අභියෝගයට ලක් කිරීමක් යැයි ද පවසමින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට ලිඛිතව පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිපාලන සීමිත විභාගය අවලංගු කළ යුතුයි.... නැවත විභාගය පැවැත්විය යුතුයි...
ශ්රී ලංකා පරිපාලන සේවයේ සීමිත තරඟ විභාගය 2015(2016) 11 අදියර දැනට සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව අත්හිටුවා දේශපාලන බලපෑම් මඟින් මෙම විභාගය අහෝසි කිරීමට උත්සාහ ගන්නා බවට කරුණු වාර්තා වේ. එසේ විභාගය අහෝසි කිරීමක් සිදුකරන්නේ නම් කාලය, ශ්‍රමය, මුදල් වැයකර තරග විභාගයකින් සමත් වී ඇති සියලුදෙනාටම බලවත් අසාධාරණයක් සිදුවේ. එසේම පෞද්ගලික හා දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහා, මහජන මුදල් වැයකර රජයෙන් සිදුකරන ලද විභාග පදනම් විරහිතව අහෝසි කිරීම, රජයේ මුදල් සාවද්‍ය පරිහරණය තුළින් මහජන මුදල් නාස්තිය හා අවභාවිතා කිරීමකි. නැවත විභාග පැවැත්වීමට විශාල මුදලක් වැයවන අතර ඒවා ද මහජන මුදල් අපතේ යැවීමකි.
පරිපාලන සේවයේ සීමිත තරග විභාගයෙන් සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් පිරිසට කඩිනමින් සම්මුඛ පරීක්ෂණය පවත්වා වහාම බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කළ යුතුයි. පටු දේශපාලන අභිමතාර්ථ වලට හා ආත්මාර්ථකාමීන්ගේ අදහස් වලට ඉඩ නොදිය යුතුයි
සම්මුඛ පරීක්ෂණය කල් තැබීමට හේතු ලෙස මොවුන් පවසන්නේ දෙමළ මාධ්‍යයෙන් වැඩි පිරිසක් සමත්වී තිබීමයි. නමුත් එසේ පවසනුයේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් පිරිස පදනම් කරගෙන නොව සමස්ත රාජ්‍ය සේවක පිරිස පදනම් කරගෙනයි. එය සාවද්‍ය අර්ථ නිරූපනයකි. නමුත් ලංකාවේ ජනවර්ගය පදනම් කරගෙන පරිපාලන සේවයට බඳවා ගැනීමක් මෙතෙක් සිදු වී නොමැත. විභාගයට කැඳවන ලද ගැසට් නිවේදනයෙහි ද ජනවාර්ගික පදනමක් මත තෝරාගැනීමක් සඳහන් නොවන අතර පොදුවේ සියලු ජාතීන් අතරින් විභාගයෙන් වැඩිම ලකුණු ලබාගන්නා, සුදුසුකම් සපුරන අය පුරප්පාඩු අනුව බඳවා ගන්නා බව සඳහන් කර ඇත. 05. එමෙන්ම දමිළ මාධ්‍යයෙන් සමත් වූවන් වැඩිබවට වන මතය පදනම් කරගෙන රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්වලට බාධා පැමිණවීම ඒකීය රටක් වශයෙන් ගොඩනැගීමට උත්සාහ දරණ ජාතික සංහිඳියාවට ද බාධාවකි.
විභාගයේ දී හා පිළිතුරු පරීක්ෂා කිරීමේ දී යම් විෂමාචාරයක් සිදුවී ඇතිනම් එය සිදුකර ඇතැයි සැකයකින් තොරව ඔප්පුකර, ඒ සඳහා වගකිව යුතුතන්ට දඬුවම් පැමිණවිය යුතුය. විභාග වංචාවක් නම් විභාග අපේක්ෂකත්වය අවලංගුකිරීම හෝ පත්වීම් ලබා දී තිබේනම් පත්වීම් අහෝසි කිරීම සිදු කරනු වෙනුවට පරීක්ෂණය නිමවන තෙක් සම්මුඛ පරීක්ෂණය කල් දැමීම විභාගය සමත් පිරිසට වන අසාධාරණයකි. එසේම විභාග ප්‍රතිඵල අවලංගු කර නැවත විභාගය පැවැත්වීම සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් සියලු දෙනාගේම අයිතිවාසිකම් කඩ කිරීමකි. 07. තවද මීට පෙර ඇතැම් විභාගවලදී ලිඛිත විභාගයෙන් සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් අයගේ නම් ප්‍රසිද්ධියට පත්කළ විට අසමත් වූ අයදුම්කරුවන් අභියාචනා කළ අවස්ථා පැවති නමුත් ඒ කිසිඳු අවස්ථාවකදී සම්මුඛ පරීක්ෂණය කල් දැමීම හෝ ප්‍රතිඵල අවලංගු කිරීමක් සිදුකර නැත. මෙම විභාගයේදීට වඩා වැඩි ප්‍රතිශතයක් සිංහල නොවන මාධ්‍ය වලින් පෙනී සිටි අයදුම්කරුවන් සමත් වූ විභාග මීට පෙර ද පැවතිය ද අභියාචනා වලදී ද මෙලෙස සමස්ත ක්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු කර නොමැත. එබැවින් මෙය හුදෙක් පටු දේශපාලන අරමුණක් මුදන්පත් කරගැනීමට දරණ උත්සාහයක් වනබව මනාව විද්‍යමාන වේ.
මෙලෙස විභාගය සමත්වූවන්ගේ සම්මුඛ පරීක්ෂණය කල් දැමීම සමානයන්ට අසමාන විදියට සැලකීමකි. මෙසේ විභාග අහෝසි කළහොත් ඉදිරියේදී ද සෑම අවස්ථාවකම ස්ව අභිමතාර්ථ අනුව අනෙක් පිරිස් ද විභාග ප්‍රතිඵල අවලංගු කර නැවත විභාග පැවැත්වීමට උත්සාහ ගනු ඇති බැවින් මෙය වැරදි පූර්වාදර්ශයක් වනවා මෙන්ම තරග විභාග මඟින් රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා ගැනීම පිළිබඳ මහජනතාවගේ විශ්වාසය බිඳ වැටෙනු ඇත. යම් විෂමාචාරයක් වී ඇති නම් ඔවුන්ට දඬුවම් කිරීම වෙනුවට සම්මුඛ පරීක්ෂණය කල් දැමීම අසාධාරණ බැවින් සම්මුඛ පරීක්ෂණය නිසිපරිදි පවත්වා විභාගය සමත්වූවන්ට සාධාරණය ඉටු කළ යුතුය.
5000 ක පමණ විභාග අපේක්ෂකයන් අතුරෙන් සමත් වූ පිරිස 59 කි. එය එතරම් තරගකාරීය. අවස්ථා දෙකේදීම සමත් වීමට අපොහොසත් වූවන් බලා සිටිනුයේ මොන ආකාරයට හෝ නැවත වාරයක් ලැබෙන තෙක්ය. විභාගය අවලංගු කිරීමේ පදනම ලෙස දක්වන්නේ දමිළ ප්‍රතිශතයයි. මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම දිනක පරිපාලන සේවයට බදවා ගැනීමේ විභාගය අවලංගු කර නැත. එම නිසා අසමත් වූවන් කල යුත්තේ සමත් වූවන්ගේ කකුලෙන් ඇදීම නොව, නැවත විභාගයට හොදින් මුහුණ දීම සදහා සූදානම් වීමයි. සැමට ජය.