(ජුඩ් සමන්ත)
ව්‍යාජ ලෙස සකස් කරන ලද යතුරක් භාවිතා කරමින් ලොරියක දොරේ අගුල විවෘත කර එහි තිබූ රුපියල් 96,000 ක මුදලක් සොරකම් කළ බව කියන පුද්ගලයෙක් හලාවත පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු කලක් පැමිණිලිකාර ව්‍යාපාරිකයා යටතේ සේවය කර ලොරියේ යතුරට සමාන යතුරක් සැකකරු විසින් සකස් කර ගෙන ඇත.
ව්‍යාපාරිකයා තම ව්‍යාපාර කටයුතු අවසන් කර ආපසු යන අතර තුර හලාවත - කුරුණෑගල මාර්ගයේ විලත්තව ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක් අසල තම රථය නතර කර සැළකිය යුතු වේලාවක් එහි ගත කරන බවද සැකකරු අධ්‍යයනය කර ඇත.
සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්නම් හොදට කල්පනාව තියෙනවා.