IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පරණ නියෝගයට අවසර ඉල්ලා ට්‍රම්ප් ඉහළ උසාවියට යයි

මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන ප්‍රධාන රටවල් හයක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරමින් දුන් නියෝගය නැවත ක්‍රියාත්මක කරන්නැයි ට්‍රම්ප් පරිපාලනය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. 

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රධාන මුස්ලිම් රටවල් වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් විධායක නියෝගයක් ලබාදුන්නේය. 

කෙසේ වෙතත් අදාළ නියෝගය වළක්වාලීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ අධිකරණ කටයුතු කළ අතර එමඟින් වෙනස්කොට සැලකීමක් කෙරෙන බව ද පෙන්වා දුන්නේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ද ඒ මතයේ සිට කටයුතු කළේය.

අදාළ තහනම මුස්ලිම් වැසියන්ට වෙනස් කොට සැලකීමක් කෙරෙන බව සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය වළක්වාලමින් විනිසුරුවරුන් නව දෙනෙක් අතුරු නියෝග නිකුත් කළහ. 

ට්‍රම්ප්ගේ නියෝගය අනුව ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව හා යේමනයේ වැසියන්ට දින 90ක් යන තෙක් ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් මාර්තු 6 වැනිදා අදළා නියෝගය ලබා දුන්නේය.

රොයිටර් 055



අදහස් (4)

පරණ නියෝගයට අවසර ඉල්ලා ට්‍රම්ප් ඉහළ උසාවියට යයි

nandana kumara Friday, 02 June 2017 05:21 PM

මෙයා ජනපති වුනාට හැම තැනම අනා ගන්නවා

:       225       524

sunil Saturday, 03 June 2017 01:45 PM

එයා මේ අවසරේ ඉල්ලන්නේ වෙන මොනවටත් නොවේ, තමුගේ රට, ජනතාව ත්‍රස්තවාදෙන් ආරක්ෂා කරගන්න. දැන් අපේ රටේ වගකිව යුත්තෝ අපේ රට ත්‍රස්තවාදෙන් ආරක්ෂා කරගන්න නොයෙකුත් පියවර ගත්තේ නැතිද? ඒවත් අනා ගැනීමද? අපේ රටට ඇතුළුවෙන්න කීදෙනෙකුට ඉඩ දුන්නේ නැතිද? ඒවාත් අනා ගැනීමද? අපේ මුහුද ආරක්ෂා කලේ නැතිද අපේ රණවිරුවෝ ත්‍රස්තවාදීන්ට ඇතුළුවෙන්න ඉඩ නොදී? ට්‍රම්ප් මහත්තයත් කරන්නේ ඒවගේ දෙයක් තමා!

:       265       50

susantha Saturday, 03 June 2017 04:17 PM

ඔහුගේ තීරණය හරි.ඉහල උසාවිය හරි පහල හරි වැරදි තීරණයක් ගත්තේ .මොකද ඔය මිනිස්සු සරණාගත මුවාවෙන් ඇවිත් සාමකාමී රටවල් කීයක් දැනට භීෂිත කරලා තියෙනවද. හරිම කුහක කන්න දුන්න අත හපාකන මිනිස්සු කොටසක්.

:       0       0

Susil Sunday, 04 June 2017 01:36 AM

ඇමෙරිකාවෙ නීතියට අනුව එක ජනවර්ගයකට වෙනසක් කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site