( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ සුළු ජන කොටසකට වරින් වර ඇතිවන ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට හේතුව වගවීම සහ සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක නොවීම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේය.
මෙම පහරදීම් කරන පුද්ගලයන්ට සහ මේ සඳහා අනුබල ලබාදෙන පුද්ගලයන්ට දඬුවම් ලබාදිය යුතු බව ඔහු සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි වාර්ෂික සැසි වාරයේදී එහි සාමාජික රටවල් පිළිබද වාචික වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
මේ කුමරයාට පේන්නේ අපේ අඩුපාඩු විතරයි..
සම්පූර්ණ ඇත්ත. තමන් කරන දෙයහි වගකීම ගන්න පුරුදු වෙන්න ඕනේ...
අඬන්න හිටිය එකාගේ ඇහැට ඇන්න දැ න් ඉතින් හොටු පෙරාගෙන අඩයි ලන්කාවෙ සුලුජාතින්ට වෙන්නෙම අසාධාරනේ කියලා
නමට මහා ජාතිය? එත්, රටේ විතරක් නෙමේ, ලෝකෙටම ගිහින් හිඟා කන ලොකුවට හිතාගෙන ඉන්න මහ ජාතිය.? තිත්ත උනාට, මම කීවේ ඇත්ත?
අපේ රටේ දෙශපාලුවන්ට වගවීම තියෙන්නේ පුළුවන් තරම් හොරකම් කරන්න. ජාති වාදය අවුස්සලා බලයට ඇවිල්ල මහජන මුදල් වලට වග කියන්නේ කොහොමද කියල තමයී උන්දලා දිවා රාත්‍රියේ කලපනා කරන්නේ. ජාතිවාදයට වැඩි මාර්කට් එකක් තියන නිසා ඔවුන් මේකම තොර ගන්නවා.
මේ නම් , මහදැනමුත්තාගෙන් පස්සෙ ආපු , විමසා බලා හොදම තීරන ගන්නා පුද්ගලයයි.
ඔයාගේ රට යේමනයට ගහල හැමදාම අහින්සක මිනිස්සු 10ක් විතර මැරෙනවා. ඒවටත් වග වෙන්නකෝ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. ඔය තනතුරට දැම්මේ ඇමරිකාව තමුන්ගේ රටෙන් පොඩි වාසි ටිකක් ගන්න ඕනේ නිසා.
ඔබතුමා පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ගෙනුත් බැණුම් ඇසුවා කියන්නේ ඇත්තද? ඔබතුමා නොදන්නවාට ප්‍රචණ්ඩත්වයට හේතුව දෙපාර්ශවයේම සිටින ජාතිවාදීන්ගේ නොමනා ක්‍රියාවනුයි.දඩුවම් දෙපාර්ශවයේම සිටින වැරදිකරුවන්ට හිමිවිය යතුයි.කරුණාකර ප්‍රශ්නයක් දෙස මැදිහත් සිතින් බලන්න.නියම ක්‍රමය එයයි.කිහිප දෙනෙක් වැරදි වැඩ කලාට ජාතීන් දෙකේම ඉතා හොද අය ඉන්නවා.වැරදි කරුවන් අල්ලලා රට ආරක්ෂා කලෙත් අපයි.
හිත බොහොම නරකයි කට ද බොහොමත් නරකයි කළයුතු කිලුටෙන් මිදුමයි වණයක් ඇත්නම් රිදුමයි..
සිරියාව ගැන කතා කරන්න. ඒවටත් වග වෙන්නකෝ ප්ලස් ප්ලස්........
කරුණාකර ඔබතුමා මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් සේ සළකන්නට එපා. මෙය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. අපේ සමහර පාලකයන් සහ අදාළ වගකිවයුතු අංශ නිසි වෙලාවට නිසි පියවර ගත්තා නම් මේවා මෙසේ සිදු වෙන්නේ නැත. ඔබතුමා නොසිතුවාට පසුගිය යුද සමයෙදී සිංහල මුස්ලිම් ජනතාව එකට සිටියා.
වඩාත් වැදගත් වනුයේ ප්‍රකාශය කල පුද්ගලයා කවුරුන්ද යන්න නොව එය හෘදය ශාක්ෂියට එකඟද යන්නය
ඇයි මේ බද්රානිගෙ අදහස් ගැන කාටවත් පේන්නෙ නැත්තේ..?