(උපාලි ආනන්ද)
ස්වයංක‍්‍රීය ටී 56 රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා තම පියා මරා දමා සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් කළැයි අනුරාධපුර හිටපු සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකුට වසර 10 බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.
ඊට අමතරව රුපියල් 5000 ක දඩයක්ද ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කෙරිණ. එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නමි ඔහු තවත් මාස තුනක ලිහිල් සිර දඩුවමකටද යටත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
COMMENTS
පියා මැරුවම වසර 10 ක්..., මත් කුඩු ලග තියාගත්තම ජීවිතාන්තය දක්වා..
අසංක ළමයෝ, පියා මැරූ මිනිහා කෙරුවේ එක මනුස්ස ඝාතනයක් විතරයි.කුඩු කාරයෝ මුළු සමාජයක්ම ඝාතනය කරනවා! කුඩුකාරයන්ට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙනවට වඩා හොඳයි ප්‍රසිද්ධියේ උල තියල මරණ එක. මෙතන එක තොප්පියකට තියෙන්නේ මේ නඩුවේ වැරදි කාරය `රණවිරුවෙක්` වීමයි!