පාන් ගෙඩියක මිල අද (03) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05 කින් ඉහළ දමන බව සමස්තලංකා බේකිරි හිමියන්ගේ සංගමය පවසයි.
තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බව බේකිරි හිමියන්ගේ සංගමය සඳහන් කළේය. මේ වන විට පාන් ගෙඩියක මිල රුපියල් 65 කි .
(36698)
COMMENTS
මං නම් මුකුත් කියන්නේ නෑමයි.
ඒකාබද්ධ සටන් පාටය : පිටරට දේ ගන්න. අපේ දේ ගන්න එපා. පිටරට දේ අඩු කරනු. අපේ දේට බදු ගසනු. බත් නොකනු.
පිටි කිලෝ එකක් 5 ක් වැඩි උනාම, ග්රෑම් 400ක් වත් නැති පාන් රාත්තලක් 5කින් වැඩි වෙන්නේ කොහොමද?
තිරිගු පිටි කිලෝවක් යනවද පාන් ගෙඩියක් හදන්න?
අපේ සටන් පාඨය. පිටරට දේ ලාබෙටත් හොඳටත් ගන්න ලැබෙනවානම් මොන දේකටද අපේ දේ කියලා අතේ තිබෙන දේ වියදම් කොරන්නේ. ලංකාවේ හාල් කිලෝව 130 යි වතුර ප්‍රශ්න නැහැ. පෝර ප්‍රශ්න නැහැ, ඉන්දීය හාල්කිලෝව රු 90 යි.
පාන් ගෙඩියක් හදන්න පිටි කිලෝ එකක්ම යනවද ඉතින් ..? අඩුම තරමෙ පාන් ගෙඩියක ශුද්ධ බර වන 400g ප්‍රමාණයවත් සමහර පාන්වල නෑ. ඒත් වැඩි කරන ගානෙ නම් අඩුවක් නෑ. අපි නම් පාන් කන්නෙ නෑ ඉතින් කොහොමත්.
පස්වෙනිදාට ආණ්ඩුවෙන් තල්ලුවක්.1994 ට පෙර තිබුන රජයන්නම් රු.5කින් පිටි කිලෝවක මිල වැඩිකලහම පාන්ගෙඩියේ මිල වැඩිකරන්න නියම කලේ රු.2.50කින්. බේකරි හිමියන්ට දැනට වඩා රු.5ක ලාබයක් පිටි කිලෝවක පාන් වලින්. අනිකුත් පිටි කැමවලින් මිට වඩා ලාබ ලබාගන්නවා.
රාත්තලක් කියන්නේ ග්‍රෑම් 453 යි. දැන් පාන් රාත්තල ලෙස හදුන්වන එක වැරදියි. පාන් ගෙඩියේ ග්‍රෑම් 350 ක් වත් නැහැනේ.
අපේ දේ අගයන ශ්‍රී ලාංකිකයින් විදියට තිරිගු පිටි ආශ්‍රිත කෑම ගැනීම අඩුම තරමින් සතියකට නතර කරන්න. එතකොට පාරිභෝගිකයින් සූරා කන ඔය වගේ කූට වෙළදුන් නිකන්ම මට්ටු වෙයි. ඒ නැතිව වී විකුණලා පාන් කකා තර්ක කර කර හිටියට වැඩක් නැහැ. හාල් 80යි පාන් 60යි. දෙන්නෙකුට පාන් රාත්තලයි . හැබැයි බත් ඉව්වොත් හාල් 500g ( රු.40 ) ඇති. පාන් නක්න හදන මාළුම ප්‍රමාණවත්. හරි සරලයි. ආර්ථිකයට වාසියි. කම්මැලි වෙලා ලේසිය බැලුවොත් ප්‍රශ්ණ සමග ලෙඩ ගොඩයි.
පාන් පිටි කිලෝ එකම රුපියල් 5 කින් නේ වැඩිවුණේ. එහෙම එකේ පාන් ගෙඩියක් රුපියල් 5 කින් වැඩිකරන එක සාධාරණද?
ආණ්ඩුව වැඩිකරන්නේ කිලෝ එකකට... මේ අය වැඩිකරන්නේ ග්‍රෑම් එකකට. අනේ මන්දා...
පාන් වලින් විතරය් 5ක් වැඩි කරන්නේ... බලපල්ලා ඉස්සරහට ගල්බනිස් කිඹුලා මාළු පාන් 10, 15 කින් වැඩිවෙනවා.. මාත් බේකරියක් පටන්ගන්න කියලා හිටන් ...
මෙව්ව බලන්න මේ රටේ එක එකෙක්වත් නෑ. ආයතන නම් හැටහුටහමාරක් තියනවා ඒවයේ ඉන්න උන්ට කෝටි ගනනින් පඩිත් ගෙවනවා. ඒත් පිටි කිලෝ එක 5කින් වැඩි උනාම පාන් රාත්තලත් 5කින්ම වැඩි කරන එක ගැන බේකරි සංගමයට කථා කරන්න එකෙක්වත් නෑ
රුපියල් 5ක් කියන්නේ සුළු දෙයක්.